Vegetarian diet improve sex life
මිනිසුන් තමන්ගේ ජීවිතය හැම අතින්ම තෘප්තිමත් මට්ටමකට ගෙන එන්නට නොගන්නා උත්සාහයක් නැත. විශේෂයෙන්ම ලිංගික ජීවිතය ගැන ඔවුහු වැඩි අවධානයක් යොමු කරන අවධියකට දැන් ළඟා වී සිටිති.
මිනිසාගේ ලිංගික ක්රිවයාකාරකම් සහ නිර්මාංශ ආහාර පුරුද්ද අතර සම්බන්ධතාවක් ගැන විද්‍යාfඥයෝ පිරිසක් පර්යේෂණයක නියැළුණ හ. ඔවුන් කියන විදියට වඩාත් හොඳ ලිංගික ජීවිතයක් තිබෙන්නේ නිර්මාංශ ආහාර පුරුද්දට හුරුවුණු අයටයි. ශාකමය ද්රවව්ය. වැඩිපුර ආහාරයට ගත්විට එයින් ශරීරයේ හෝර්මෝනවලට බලපෑමක් ඇති වේ.
ලිංගික ක්රිශයාකාරකම් සඳහා හේතුවන හෝර්මෝන මට්ටම ඉහළ නැංවීමට ශාකමය ආහාර හේතුවන බව විද්යාඇඥයෝ පවසති. මෙසේ ඉහළ යන්නේ ෆයිටෝඊස්ට්ර ජන් නමැති හෝර්මෝනය යි. මේ හෝර්මෝනයේ ප්රෝමාණය ඉතා ඉහළ මට්ටමක තිබෙන්නේ මිනිසා හැරුණු විට සෙසු පිරටම මේටාවන් තුළයි.
උගන්ඩාව නිජබිම කරගත් රතු වානර විශේෂ තුළ ෆයිටෝඊස්ට්රිජන් හෝර්මෝනය වැඩි ප්රහමාණයක් තිබෙන බව අනාවරණය වී ඇත. මාස 11 ක් පුරා උගන්ඩා රතු වානරයන්ගේ ආහාර චර්යාව පිළිබඳ අවධානය යොමු කරමින් උගන්ඩාවේ කිබාලේ ජාතික වනෝද්යාරනය පුරා සැරිසරන්නට විද්යාළඥයන්ට සිදුවිය. මේ වානරයන් තම සහකරුවන් හෝ සහකාරියන් සමඟ සංසර්ගයේ යෙදෙන ආකාරය, යෙදෙන වාර ගණන, මෙන්ම ඔවුන් ගැටුම් ඇතිකරගන්නා ආකාරය සහ වාර ගණන ගැනත් තොරතුරු එකතු කෙරිණි. වානරයන්ගේ ශරීරවල තිබෙන හෝර්මෝන ප්රගමාණයන්, ඒවායේ වෙනස්වී යෑමත් සම්බන්ධයෙන් දත්ත ලබා ගන්නට පුළුවන් වුණේ වානරයන් ගේ මළ සාම්පල පරීක්ෂාම කර බැලීමෙනි. එවිට විද්යායඥයන්ට දකින්නට ලැබුණේ වානරයන් තුළ ෆයිටොඊස්ට්ර ජන් වැඩිවන්නේ ඔවුන් වැඩිපුර ශාකමය ද්ර්ව්ය ආහාරයට ගැනීමෙන් බවයි. වැඩි වශයෙන් ඔවුන් කෑමට ගෙන තිබුණේ සෝයා බෝංචි ශාකයට සමාන ශාකයක කොටස් ය.
ඊස්ට්රටජන්වලට සමාන රසායනික සමූහයක් සහිත රසායනිකයක් ඒවායෙහි අඩංගුව තිබෙන බව පැහැදිලි විණි. ඔවුන්ගේ ශරීර තුළට ලිංගික කටයුතුවලට හේතුවන හෝර්මෝනත්, මානසික ආතතිය පාලනය කරන හෝර්මෝනත් වැඩිපුර ලැබී තිබිණි. මේ වෙනස්කම ප්රවජනන කටයුතු සඳහා හිතකර ආකාරයෙන් බලපා ඇති බව ද පෙනී ගියේ ය.
යම් යම් ක්රුම උපයෝගී කරගෙන වානරයන්ගේ මේ හෝර්මෝන මට්ටම නියමිත ප්රලමාණයට වඩා අඩු වැඩි කරමින් විද්යා්ඥයෝ තොරතුරු රැස් කළහ. එවිට තම සහකරුවන් හෝ සහකාරියන් කෙරෙහි වානරයන් දැක්වූයේ කලින් දැක්වූවාට වඩා වෙනස්ම ආකාරයේ චර්යාවකි. බොහෝවිට තම සහකරුවන් හෝ සහකාරියන් සමඟ ආරවුල් ඇතිකරගන්නට වානරයෝ පෙලඹුණහ. මේ අනුව හෝර්මෝනය ලිංගික කටයුතු සඳහා අවශ්යක බවත්, එය නියමිත මට්මින් පවත්වාගෙන යෑම වැදගත් බවත් තහවුරු කරගන්න විද්යාඳඥයන්ට අපහසු වූයේ නැත.
අනෙක් අතට හෝර්මෝනය වානරයන්ගේ ශරීරවලට පහසුවෙන්ම ලැබෙන මඟක් විද්යාඳඥයෝ අනාවරණය කරගත්හ. පර්යේෂණය සිදුකළ කැලිෆෝනියා විශ්වවිද්යාගලයේ විද්යා්ර්ථයෝ ‘හෝර්මෝන්ස් ඇන්ඩ් බිහේවියර් ජර්නලයෙහි මෙසේ පළ කළහ. “මිනිස් ශරීරය තුළ හෝර්මෝන මට්ටම සහ මිනිසාගේ සමාජීය චර්යාව වෙනස් කිරීමෙන් මිනිසාගේ ප්රසජනන කටයුතුත්, සෞඛ්යහයත් කිසියම් විදියකින් වෙනස් කරන්නට පුළුවන්. මේ කටයුත්තේ දී ශාක ලොකු කාර්යයක් ඉටු කරනවා. මිනිසාට සමීප සෙසු පිරයම්මේටාවන් තුළ වගේම මිනිසා තුළත් මේ වෙනස ඇතිවෙනවා...” මේ අනුව පර්යේෂකයන් පැහැදිලිව කියා සිටින්නේ ලිංගික කටයුතුත්, ප්රාජානන කටයුතුත්, පුද්ගල සෞඛ්‍ය යත් යහපත් මට්ටමක පවත්වාගෙන යන්නට නිර්මාංශ ආහාර පුරුද්ද ඉතා වැදගත් බවයි.
මේ පර්යේණයෙන් ලද ප්රනතිඵලවලට සමානම කතාවක් කියන්නට සත්ත්ව අයිතිවාසිකම් සම්බන්ධ ආයතනයක් දැන් ඉදිරිපත් වී සිටී. මේ ආයතනය පෙටා යනුවෙන් හැඳින්වෙන එකකි. ඔවුන් කියන්නේ කුමන ආකාරයෙන් හෝ පලතුරු සහ එළවළු පමණක් වැඩිපුර අනුභව කිරීම පුරුෂ ශක්තිය වැඩීමට හේතුවන බවයි. මේ සංවිධානය පෙන්වා දෙන්නේ මස්, මාළු, බිත්තර, කිරි ආහාර ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය නැංවීමට හේතුවන බවකි. එයින් රුධිර සංසරණ වේගය පහළ වැටේ. එවිට ශරීර අවයවවලට බලපෑමක් ඇති වේ. එය ලිංගික ජීවිතයට බලපාන බව එහි නිලධාරීහු පෙන්වා දෙති.
බිත්තර, මස්, සහ කිරි ආශිර මාත ආහාරවල අඩංගුවන්නාක් මෙන්, එළවළු පලතුරු සහිත ආහාර වල සත්ත්ව මේදය හෝ කොලෙස්ටරෝල් අඩංගු නැත. මේ නිසා මිනිසාට ශරීරයේ උසට සරිලන ලෙස බර පවත්වා ගැනීමට පහසුවේ. ශරීරයේ හැඩයක් යෝග්යුතාවත් නිසි ලෙස තබා ගන්නට අපහසුවක් ඇතිවන්නේ නැත.
අනෙක් අතට ලෙඩ රෝගවලින් තොරව සිරුර පවත්වාගෙන යාමටත් ශාකමය ආහාර හේතු වේ. දියවැඩියාව, හෘද රෝග, ආඝාතය, පිළිකා, ස්ථුලතාව මඩින්නට ශාකමය ආහාර තරම් සුදුසු අන් කිසිවක් නැත.
පෙටා සංවිධානයේ බ්රි තාන්යා අධ්‍ය ක්ෂ මිමි බෙකචි කියන්නේ මාංශභක්ෂාණයට හුරුවුණු අයගේ ලිංගික ඹ්ෂතය, ආදරය යනා දී දේ අතෘප්තිකර මට්ටමකින් ගෙවී යන බවයි.
එහෙත් නිර්මාංශ ජීවිතයට හුරුවුණු අය ආදර සම්බන්ධතා, ලිංගික ජීවිතය මෙන්ම සෞඛ්‍යයය ද තෘප්තිමත් මට්ටමකින් පවත්වාගෙන යති. එතැන ඇත්තේ සතුටයි. තෘප්තිමත් ජීවිතයකට සතුට භුක්ති විඳින්නට හැකි නම් මිනිසුන්ට එතරම් ධනයක් තවත් කොහෙ ද? සතුට සහ තෘප්තියම යළිත් නිරෝගී ජීවිතයකට මඟ පාදයි. ගතට සිතට සවිය ගෙනෙන වඩාත් සුවපහසු, සැනසිලිදායක දිවියකට හුරුවනවා මිස අනෙකක් ගැන තවත් සිතිය හැකි ද?