#bella_porch ගැන අද කාලේ නොදන්න කෙනෙක් නැහැ. ටික් ටොක් එකේ එකම එක විඩියෝ ක්ලිප් එකකින් මුලු ලෝකෙම දැනගෙන තමන් කරපු පලවෙනි ම විඩියෝ එක ඒ කියන්නේ "Build a Bitc*" සින්දුවත් කරලා එක රැයකින් තවත් ජනප්රිය වෙච්ච කෙනෙක් ඇය.
❤ සමහරු ඇයගේ මේ හැකියාව අත්පොලොසන් දුන්නත් තවත් සමහරු කිව්වේ ඇය ඉලුමිනාටි කන්ඩායම ට හෝ සාතන්ට සිය ආත්මය පාවාදී ඇති බවයි. ඒත් මම අද කියනවා Bella Porch ගේ ජීවිත කතාව ගැන
❤ අපි දකින සුන්දර කියුට් මූනක් තියෙන බෙලා ට තිබුනෙ නම් ඒ තරම් සුන්දර ජීවිතයක් නෙවේ.
ඇය කවදාවත් තමන්ගේ ඇත්ත මව් පියන් දැක තිබුනේ නැහැ. ඇගේ ආත්තම්ම එක්ක පිලිපීනයේ කුනු ගොඩක් තමයි ඇය මුලින් ම ජීවත් වුනේ. ඇයට අවුරුදු 3 වෙද්දි අයව හදා වඩාගන්න යුවලක් ඉදිරිපත් වෙනවා.
❤ යන්තම් අතපය හොලවල වැඩක් කරන්න පුලුවන් වුන ගමන්ම ඇයව හදාවඩාගන්න ගත්ත පියා ඇයව තමන්ගේ ගොවිපලේ වැඩ කරන්න යොදවනවා.ඇයගේ අනිත් සහෝදරයින් සතුටින් ජීවිතයක් ගත කරද්දි ඇය උදේ 3 ඉදන් ගොවිපලේ වැඩ කරා.
❤ ඒ විතරක් නෙවේ මේ වැඩ නොකරත් ඇයට කෑම පවා නොලැබෙන බව ඇය රේඩියෝ සම්මුඛ සාකච්ඡාවකදි කිව්වා. එසේම වැඩ සියල්ල කර අවසන් වුනත් ඇයට නාන්න පිරිසිදු වෙන්න පවා සිය හදාවඩාගත් පිය ඉඩ නොදුන් බවත් ඇය කිව්වා.
❤ එහෙම නාන්නේවත් නැතිව පාසල් ගිය බෙලා ට වුනේ යාලුවන්ගෙන් කොන් වෙන්න. ඇයට පාසල් යාමට පැලඳගෙන යාමට ඉතිරිව තිබුනෙත් ඉරි ගිය සපත්තු කුට්ටමකි. පාසලේ දි ඇයට නමක් ලැබුනා ඒ තමයි "Stupid Bitc*"
❤ ඇගේ හදාවඩාගත් පියා ඇයට මිතුරන් හමුවීමටත් ඉඩ නුදුන් අතර නිවසේ සෝෆාගේ ඉදගෙන සිටිම ද බෙලා ට තහනම් විය. වයස 13 දි ඇගේ හදාවඩාගත් පියා ඇමරිකාවට ගියා ඒ ඔපරේෂන් එකක් සදහා. එයින් යම් නිදහසක් ලබා ගත් බෙලා වයස 17 දි ඇමරිකානු නේවි එකට බැදෙනවා.
❤ එහිදි ඇයට PTSD සහ depression හැදෙනවා පමණත් නොවේ ඇයට දිනපහක් මානසික රෝහලකත් රැදෙන්න වෙනවා. එසේම ඇය අතරවරයකට පවා ලක් වුන බව ඇය කියා තිබෙනව. වසර 5 ක් මිලිටරි ඉදපු බෙලා ඉන් ඉවත් වෙනවා.
❤ ඉන් ඉවත්වෙලා ටික් ටොක් එකේ එක විඩියෝ එකක් කරනවා ඒ M to the B සින්දුවට ලිප් සින්ක් එකක් කරලා. එ්ක අප්ලෝඩ් කරපු ගමන් ටික් ටොක් ඉතිහාසයේ වැඩිම ලෛක් සහ වැඩිම විව්ස් හම්බුන විඩියෝ එකත් බෙලා ට හම්බෙනවා.
❤ එයින් නොනැවතුන ඇය සිය ජීවිත අත්දැකීම් අලලා ඇගේ පලවෙනි මියුසික් වීඩියෝ එක රිලිස් කරනවා ඒ Build a Bitc* නමින් එය නැරබුම් වාර මිලියන 200 ඉක්මවන අතර මීට සතිකිහිපයක පමණ පෙර ඇයට වුන ශාරිරික මානසික අතවරය අලලා එය සිදු කළ පුද්ගලයන් ට මෙන්න මෙහෙම වෙනව නම් ආසයි කියල Inferno නමින් තවත් විඩියෝ එකක් රිලිස් කරනවා ඒ Sub Urban එක්ක එකතු වෙලා.