ග්‍රීක මිත්‍යා කතා, පුරාවෘත වගේම , ග්‍රීක දේව කතා යනු ලොව පුරා ඉතා ප්‍රසිද්ධියට පත් කතාන්දර වෙනවා... වගේම ඒ පුරාවෘත සත්‍යක්ම කියා විශ්වාස කරන පිරිසකුත් තවමත් ජීවත් වෙනවා....
ඒ කොයික වෙතත් ග්‍රීක පුරාවෘත්තයක් ගත් කල පළමුවෙන්ම ඇගේ නම ඔබට මුලින් මර්හක් නොවීන නම් පුදුමයක්.....
ග්‍රීක පුරාවෘත හා මිත්‍යා කතාන්දර වල සුලභව දකින්නට ලැබෙන දුෂ්ඨ , යක්‍ෂනික ලෙස මෙඩූසා නම් යක්ෂණිය පිළිබදවඔබ මේ වන විටත් අහලා ඇති.. ඇය හා සම්බන්ධ වු බොහෝ ග්‍රීක මිත්‍යා කතාන්දර හා චිත්‍රපට පවා ඇයගේ චරිතය පාදක කොටගෙන මේ වන විටත් නිර්මාණය වීම ඔබ දන්නා කරුණකි...
නමුත් ඇත්තටම මේ මෙඩූසා කවුද...? යක්ෂණියක්ද...? නැතිනම් සාප ලත් මිනිස් දුවක්ද...? ඇත්තටම ඇය කොයි වගේද....?
මේ සියල්ල මිත්‍යා හා පුරාවෘත්ත කතාන්දර පමණක් නිසා අපට එහි නියම කතාන්දරය මෙයයි කියා අවබෝධයක් ලබා ගන්නට බැරි උනත් ඉතා ජනප්‍රිය වූ ඇය පිළිබද මිත්‍යා හා පුරාවෘත්ත කතාන්දර මෙසේ ය...
බොහෝමයක් ප්රවාදයන්ට අනුව මෙඩූසා ඉතා සුරූපී , සුන්දර රූපයක් සහිත කාන්තාවක් වී සිට තිබේ....
ඇය කුණාටු සහිත මුහුදේ හා ගැඹුරේ , මුහුදු දෙවිවරුන් වූ ෆෝකිස් සහ කීටෝට දාව උපන් ගොර්ගොන් දියණියණියන් තිදෙනාගෙන් දෙවැනි දියණිය වූවාය.. මෙඩූසාට වැඩිමල් හා බාල සහෝදරියන් දෙදෙනෙකි... ඇතැම් පුරාවෘත්තයන්ට අනුව මේ සහෝදරියන් දෙදෙනාම යක්ෂණියන් බව කියවෙන නමුත් බොහෝ පුරාවෘත්ත වලට අනුව මෙඩූසා රූමත් මනුෂ්‍ය තරුණියක් කියාත් ඇය මුහුදු දෙවවරුන්ට දාව උපන් එකම මනුෂ්‍ය ආත්මයත් ඇය සහජයෙන් යක්ෂණියක් නොවන බවත් සදවන්ව තිබෙනවා... ඇයගේ නමෙහි අර්ථය එනම් මෙඩූසා යන්නෙහි අර්ථය ආරක්ෂකයා රැකවලා යන්නයි...
ඉතින් ඉතා සුන්දර තරුණියක වූ මෙඩූසාට ඉතා ආකර්ශනීය රූපයක් මෙන්ම රන්වන් පැහැති, රැළි සහිත , ඉතා ආකරශනීය දිගු කෙස් කළඹක් තිබුන බව සදහන් වෙනවා...පිරිමින්ගේ ආකර්ශනයට වගේම කාන්තාවන්ගේ ඊර්ෂ්‍යාවටත් ඇය මේ ආකර්ශනීය ලස්සන නිසා ඇය ලක් වුනා..ඇයගේ රූමත්කම කෙතරම්ද කියනවානම් දෙවියන් අතරවත් ඇය තරම් රූමත් දෙවගනක් නොසිටි බවයි සදහන් වෙන්නේ...
ඒ නිසාම මේ සුරූපී මෙඩූසා දෙවියන් අතරත් බොහොම ප්‍රචරිත වුනා...ඇගේ ලස්සන ආකර්ශනීය බව නිසාම....
එහෙත් මෙඩූසා යනු බොහොම තැන්පත් අහිංසක තරුණියක බවයි කියවෙන්නේ... ඇය තුල කිසිම රාගික හැගීමක් හෝ විවාහ වීම ආශාවක් නොතිබුනා... ඒ නිසාම ඇය ඇතීනා දෙවගනගේ පූජකවරියක් වීමට මෙඩූසා කැපවුනා...
ඇතීනා දෙවගනගේ පූජකවරියක් වීමට නම් ඇය අනිවාර්යයෙන් කන්‍යාවක් විය යුතු වුනා.... මෙඩූසාට විවාහ වීමේ බලාපොරොත්තුවක්ද නොතිබුන නිසා ඇය බොහෝ කැමැත්තෙන් ඇනීනාගේ පූජකවරියක් ලෙස කැප වුනා...
ඉතින් මේ අතර මුහුදට අධිපති දෙවියන් වූ පොසයිඩන් ඇය දැක, ඇය ගැන ඇගේ රූමත් බවට දැඩි ආශාවෙන් හා රාගයෙන් සිය සිතෙහි ඇය පිළිබඳ ආශාවක් ඇති කරගන්නවා....
නමුත් මෙඩූසා ඔහුව කිහිප වාරයක්ම ප්‍රතික්ෂේප කරනවා... නමුත් පොසයිඩන්ගේ ආශාව ඉන් යටපත් වුනේ නෑ... ඔහුට අවශ්‍ය වුනේ කෙසේ හෝ මෙඩූසාව ලබා ගන්න ය...
එනිසා දිනක් පොසයිඩන් මෙඩූසාව ඇතීනාගේ දෙවොලේදීම දූෂණයට ලක් කර ඇයව දෙවොලෙහි අතහැර දමා යනවා....
ඇතීනා දෙවගන යනු නීතියට හා සාමයට අධිපති දෙවගන නිසා ඇයට ඇගේ දෙවොලෙහි සිදුවූ සිදුවීම පිළිබදව වූ දැඩ් කෝපයෙන් පසු වුන බව සදහන් වෙනවා... එවකට සැමීයා තම බිරිදව ප්‍රසිද්දියෙ ප්රකාථ කල විවාහ විය යුතු බවත් ජීවිත කාලයම එම බැදීමට යටත් විය යුතු බවටත් නීතියක් තිබුනා... ඒ අනුව පොසයිඩන් මෙඩූසාගෙ බිරිද විය යුතු නමුත් එවැන්නක් සිදු නොවූ අතර පොසයිඩන් ඇය අතහැර පලා යාමත් නිසා ඇතීනා දැඩි කෝපයෙන් පසුවුනා...
එහෙත් මෙඩූසා දිගින් දිගටම ඇතීනාගෙන් පිහිට පැතුවාය...ඇගේ දිවි ගලවා ඇයට මාර්ගය පෙන්නා දෙන ලෙස ඇතීනාගේ දෙපාමුල වැටී ඉල්ලුවත් ඇතීනා එය ප්‍රතික්ෂේප කලාය....
ඇතීනා දෙවගන කලක පටන් මෙඩූසා හා ඊර්ෂ්‍යාවෙන් පසු වුනා... මෙඩූසා නිතරම ඇගේ දිගු සිනිදු ලෙස් කළබ ඉතා ආක්ර්ෂනීය ලෙස විහිදාගෙන ඇතිනාගේ දෙවොලෙහි උන්නාය.... එමෙන්ම ඇය ඇතීනාටත් වඩා සුරූපි වුනා... ඇතීනා දෙවගනක්වුවත් ඇය මනුෂ්‍ය දුවක් වීත් ඇයට මෙතරම් ආකර්ශනීය පෙනුමක් තිබීම ගැන ඇතීනා නිතරම ඊර්ෂ්‍යාවෙන් පසුවුනා...
ඉතින් ඇතීනා දෙවගන මෙඩූසා හා පැවති ඊර්ෂ්‍යාව ,වෛරය එම අවස්ථාවේදී ඉස්මතු වෙනවා.. එම නිසා ඇතීනා මෙඩූසාට පිහිට විම වෙනුවට ඇගේ දෙවොලෙහි සිදුවූ සිදුවීමෙහි කැළල වසා දැමීමත් උදෙසා මෙඩූසා කෙරෙහි උපන් ඊර්ෂාව වෛරයත් එක්කම ඇයට සාප කරනවා....
ඇගේ සාපයට අනුව ඇගේ ඉතා ලස්සන ආකර්ශනීය දිගු කෙස් කළඹ ජීවමාන විසකුරු සර්පයන් බවට පත් වෙනවා.. ඇගේ දෑස් දෙස බලනා ඕනෑම අයෙක් ගල් බවටත් පත් වුනා... ඇගේ ශරීරයේ පහල කොටසද නාගයෙකු සේ වුනා... ඇගේ පැහැපත් මුහුණෙහි හා සිරුරෙහි ඝණ අවලස්සන කොරපොතු වැනි සමක් ඇති වූ බව පුරාවෘත්ත වල සදහන් වෙනවා...
ඉතින් එතැන් පටන් මෙඩූසා ඉතාමත් භයානක යක්ෂණියක් බවට පරිවර්තනය වනවා...
මෙඩූසා යක්ෂණියක වූ පසු ඇය බොහෝ බිහිසුනු වූ අතර ඇතීනා දෙවගනට ඇගේ හිස ඉල්ලා සිටින්නට තරම් ඇය දරුණු බලසම්පන්න යක්ෂණියක් වුනා...
ඉන්පසු ඇයව විනාශ කල ඇගේ හිස ලබා ගැනීමට බොහෝ දෙනෙක් උත්සාහ කල නමුත් පර්සියස් හැර අනෙක් සියළු දෙනාම ඇය විසින් විනාශ කර දැමූ බවයි සදහන් වෙන්නේ...
ඒ අතරින් පර්සියස් හෙවත් සියුස් දෙවියන්ගේ පුත්‍රයාද මෙඩූසාව විනාශ කිරීමේ අභියෝග භාර ගත්තා...
එය සිදුවුනේ පර්සියස්ගේ මවට සෙරිෆාහී රජුවුන පොලිඩෙක්ස් සමග විවාහ වීමට බල කෙරුනු අතර පර්සියස් ඊට බධාවක් වුන නිසා උපාය මාර්ගයෙන් ඔහුව විනාශ කර දැමීමේ අරමුණින් මෙඩුසාගෙ හිස ගෙන ඒමට පර්සියස්ව යැවීමට පොලිඩෙක්ස් කටයුතු කලා.....
පර්සියස් යනු ආගස්හි රජු වූ ඇක්රීසියස්ගේ දියණිය ඩේනේට, සියුස් දෙවිඳු දාව උපන් දරුවා යි. ඇක්‍රීසියස් රජුගේ දියණියට දරුවෙකු ලැබුණහොත් ඔහු ඇක්‍රීසියස් මරා රජකම පැහැරගන්නා බවට පූජකවරුන් අනතුරු අඟවා තිබූ බැවින්, ඇක්‍රීසියස් රජු තම දියණිය වන ඩේනේව ලෝකඩ කුටියක රඳවා තැබුවේ කිසිවෙකුත් සමග සබඳතාවක් පවත්වාගත නොහැකි වන අයුරිනුයි. නමුත් දිනක් ඇක්‍රීසියස් රජු ඩේනේගේ සිරකුටියට යන විට දුටුවේ ඇගේ දෑතේ අළුත උපන් ළදරුවෙකු සිටින අයුරු යි. සියුස් විසින් ස්වර්ණමය වර්ෂාවක් ඇතිකර, එමඟින් ඩේනේව ගැබ් ගන්වා තිබුණා.
සියුස් හට තිබූ බිය නිසා ඇක්‍රීසියස් රජු ඩේනේව සහ දරුවාව නොමරා, ඒ වෙනුවට ඔවුන්ව ලී පෙට්ටියක බහා මුහුදේ පාකර යැවීමට කටයුතු කළා. සෙරිෆස් නම් දූපතේ විසූ ඩික්ටයිස් නම් මසුන් මරන්නෙකු විසින් මේ දෙදෙනා බේරාගනු ලැබූ අතර ඔහු පර්සියස්ව සිය පුතෙකු ලෙස සළකා ඇති දැඩි කළා..
ඩේනේව සහ දරුවාව බේරාගත් ඩික්ටයිස් නම් මසුන් මරන්නා, සෙරිෆස්හි රජු වූ පොලිඩෙක්ටස්ගේ සොහොයුරා ය...
ඩික්ටයිස් බේරාගත් ඩේනේ කුමරියව දුටු පොලිඩෙක්ටස්, ඇයව තමා සතු කර ගැනීමට උත්සාහ කළා. නමුත් පර්සියස්ව, පොලිඩෙක්ටස් දුශ්ඨයෙකු බව සිතූ අතර, පර්සියස් තම මව ඔහු සමග සබඳතාවයක් ඇතිකරගැනීම කෙරෙහි දැඩි ලෙස විරුද්ධ වුණා. එබැවින් පොලිඩෙක්ටස් පර්සියස්ව මරා දැමීමට උපක්‍රමයක් කල්පනා කළා. ඒ අනුව ඔහු පර්සියස්ට අණ කළේ, ගොස් මෙඩූසාව මරා ඇයගේ හිස ගෙන එන ලෙස යි.
පර්සියස් මේ කාර්යය කිරීම සදහා දෙවියන්ගෙන් උදව් ඉල්ලූ අතර හේඩීස් විසින් ඔහුට හිස් වැස්මක් ලබා දුන් අතර එය මෙඩූසා යක්ෂණියට අදෘශ්‍යමාන වුනි...
එමෙන්ම හර්මිස් විසින් දුන් පියාඹන සපත්තු යුගලයත් හිෆීස්ටස්ගෙන් කඩුවක්, සහ ඇතීනාගෙන් පරාවර්තන ගුණය සහිත ලෝකඩ පළිහක් ඔහුට ලැබුණු අතර පර්සියස් මේවා ආධාර කරගෙන මෙඩූසා සොයා ගියා. ඔහු මෙඩූසා නිදා සිටින මොහොතක ඇතීනා ත්‍යාග දුන් පලිහේ ආධාරයෙන්, මෙඩූසාගේ දුටුවන් සෙල් රූ බවට හරවන නෙත් බැල්ම වළක්වමින් මෙඩූසාගේ හිස සිඳ දැමීමට සමත් වුණා.
පර්සියස් විසින් මෙඩූසාව ඝාතනය කරන විට මෙඩූසා පොසයිඩන් හේතුවෙන් ගැබ් ගෙන සිටි අතර, ඇගේ ගෙල සිඳ දැමූ වහාම එම ස්ථානයෙන් ඇගේ දරුවන් වන පෙගසස් නම් පියාපත් සහිත අශ්වයෙකු සහ ක්රිසායර් නම් ස්වර්ණමය යෝධයෙකු උපන් බව සඳහන් වෙනවා....
මෙඩූසාව මරා දමා සුළු මොහොතක් යත්ම මෙඩූසාගේ සොහොයුරියන් එම ස්ථානයට පැමිණි බැවින්, පර්සියස් මෙඩූසාගේ හිස මල්ලක බහාගෙන තම අදෘෂය්යමාන වීමේ බලය සහිත හිස් වැස්ම ද පළඳාගෙන වහා පලා ගියා.
ඇතැම් ප්රවාදයන්හි සඳහන් වන්නේ ඔහු පෙගසස්ව පිට නැගී මෙඩූසාගෙ හිසත් රැගෙන පලා ගිය බව යි.
( ග්‍රීක මිත්‍යා ප්‍රවාද හා පුරාවෘත්ත කතා ඇසුරෙන් ලියන ලද්දකි..)
💜️ නිපුනිකා ගුණවර්ධන 💜️