පෘතුවියෙ තියන පෝෂදායීම කෑම ජාතිය මොකක්ද..? උත්තරේ තමයි මවු කිරි...මේක කියවන මොකාටවත් මවු කිරි බොන්න බැරි නිසා දෙවෙනියට පෝෂදායීම ආහාරය ගැන බලමු....ඒ තමයි බිත්තර...
බිත්තර වලිං cholesterol වැඩි වෙනවයි කියන දශක ගානක් පරණ බොරැවට විද්‍යාත්මක සාක්කි නෑ...ඇඟේ සිද්ද වෙන හෝමෝන හදන එකේ ඉඳං සෛල බිත්ති හැදෙන එක වෙනකං සෑහෙන්න වැඩ ගොඩකට cholesterol ඇඟට ඕනෙ...ඒක නිසා අක්මාවෙං කොහොමත් cholesterol හදනව...බිත්තර වලිං වැඩිපුර cholesterol එනකොට අක්මාවෙං හැදෙන cholesterol ප්‍රමාණය අඩු කරල වැඩේ බැලන්ස් කරනව...අනික බිත්තර වල තියන්නෙ HDL එහෙම නැත්තං good cholesterol.., ඇඟට හානියක් නෑ...
සැ.යු. - 70% කට වඩා අයට බිත්තර කීයක් දවසට කෑවත් කිසිම අවුලක් නෑ කියල හොයාගෙන තියනව..ඉතුරැ 30% අයිති වෙන type 2 diabetes සහ වෙනත් තත්ව එක්ක මේක සුළුවෙන් වෙනස් වෙන්න පුළුවං..හැබැයි තමංගෙ ඇඟ respond කරන විදිහ අත්හදා බලන්න පුළුවං කෙටි කාලයකදි..
ඒක නිසා බය නැතුව බිත්තර කන්න...දැං බලමු බිත්තර වල තියන පට්ටම කොලිටි වැඩේ...ඒ තමයි පටක නිපදවන්න දක්වන විශාලතම දායකත්වය එහෙම නැත්තං Greatest anabolic effect එක..
ඒ කියන්නෙ අපි කන බොන ප්‍රෝටීන් ජාති වලින් ඇඟේ පටක හදන්න, මාංශ පේශි හදන්න වැඩියෙන්ම දායක වෙන්නෙ මොනවයින් එන ප්‍රෝටීන්ද කියල බලමු...
- සම්පූර්ණ බිත්තර. 48%
- Beef, මාළු, chicken 32%
- Soy protein. 17%
- Egg whites 17%
- Whey protein 16%
දැං තේරෙනව නේද සීන් එක..ඇඟ හදාගන්න හිතාගෙන මස් මාළු කෑවම ඒකෙන් 32%යි ඒ වැඩේට යන්නෙ..ඉතුරැ 68%ම යන්නෙ ශක්තිය හැටියට..හැබැයි බිත්තර වල තියන ප්‍රෝටීන් වලිං 48%ක්ම ගෙඩි පිටින්ම මාංශ පේශි හදන්න දායක වෙනව..
තවත් පැහැදිලි කරොත් බිත්තර 4ක protein 24g තියනවනෙ..ඒකෙං 11.52g කෙලින්ම යන්නෙ body tissues හදන්න...මස් වලින් එන protein 24g කින් 7.68g විතරයි body tissues හදන්න සෙට් වෙන්නෙ...supplements (whey protein) වලින් එන protein 24g කින්ම 3.84g තමයි muscle එකක් හදන්න යන්නෙ...
මෙච්චර කල් යක්කු වගේ මස් කකා supplements ගගහ බිත්තර අමතක කරල ඇඟවල් හදන්න ගියානං දැං තේරැම් ගන්න වෙලා තියන අවුල...මේක ඇඟවල් හදන අයට කියල නෑ...ඕනෙම වයසක ඉන්න කෙනෙක්ට body tissues හදාගන්න එක අතිශයින් වැදගත්..ඉතිං බිත්තර තමයි දෙයියා...
බිත්තර හදාගනිද්දි තෙල් තොගයක් දාල හැදුවම ඇඟට උරාගන්න අමාරැයි..හොඳම විදිහ හැටියට ගැනෙන්නෙ soft boiled (නටන වතුරෙ විනාඩි හයාමාරක් තියල අරං සීතල වතුරට දාල).
දැං ඉතිං වෙන වැඩ සේරම නවත්තල බිත්තරම කන්න...🤗🤗
https://pubmed.ncbi.nlm.nih.gov/17179903/
https://pubmed.ncbi.nlm.nih.gov/23295181/