dulitha පෙරේත කෙළ... එහෙම නැත්තම් යක්කු කෙළ ගහල. ගොයම් ගස් වල, තණකොළ වල කැටිති විදියට තිබුණු සුදුපාට පෙණ පොඩි කාලෙ අපට හදුන්වා දුන්නෙ එහෙම.
පස්සෙ කාලෙක තේරුම් ගියත් ඒ පෙරේතයො කෙළ ගහපුව නෙවෙයි කියල අහම්බෙන් දවසක දෙයක් දකිනකල් මං විශ්වාස කරේ ඒ ශාක විසින්ම නිපදවන ද්‍රව්‍යයක් කියලයි. ඒත්b දවසක් ඔය කෙළ පිඩක් ලග ඉදපු මකුළුවෙක්ගෙ ඡායාරූපයක් ගන්න වෙලාවක ඒ පෙණ ගොඩ ඇතුළෙ පුංචි සතෙක්ව දැක්ක.
ඇත්තටම ඒ පෙණ වගේ තියෙන්නෙ පෙරේතයෙක්ගෙ කටින් පිට වෙන දෙයක් නෙවෙයි පුංචි සතෙක්ගෙ බහිස්රාවී මාර්ගයෙන් පිට වෙන දෙයක් කියලත් එදාම පැහැදිලිව තේරුණා.
Spittle bug....
එහෙමත් නැත්තම් leafhopper/froghopper nymph. ටික කාලෙකට කලින් කියන්න ඉදපු කතාවක් වුණත් එක්තරා විශේෂ ඡායාරූපයක් මෙතනට එකතු වෙන්න ටිකක් කාලය ගියා.
ඕනි තරම් මේ පෙණ ගුලි දැකල තිබුණත් මීට කලින් මේ සතාව දැකපු නැති අය ඕනි තරම් ඇති. ඊටත් වඩා විශේෂයි මේ සතාගෙ ජීවිතය.
Cercopoidea කියන්නෙ විශේෂ 3000කට වැඩියෙන් ඉන්න කෘමී පවුලක්. හාල් ඇටයක ප්‍රමාණයේ ඉදන් රටකජු ඇටයක ප්‍රමාණය දක්වා ප්‍රමාණයන්ගෙන් විවිදත්වයක් දක්වන මෙයාල සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ spittlebug එහෙම නැත්නම් froghopper විදියට. Spittlebug කියන්නෙ froghoppersලගෙ එහෙම නැත්ත්නම් leafhoppersලගෙ කීට අවධිය.
මෙයාල පෝෂනය වෙන්නෙ ශාකවල සයිලම ද්‍රවය (Xylem fluid/sap) උරාබීමෙන්. හැමෝම දන්නව මේවයෙ වැඩියක් අන්තර්ගතය වෙන්නේ ජලය. කීට අවදියෙ පසුවෙන සතෙක්ට පෝෂනය හුගක් අවෂෝෂණය කරගන්න ඕනි. ඉතින් මේ සත්වයන්ට අවශ්‍ය පෝෂනය ලබාගැනීමටනම් වැඩි ප්‍රමාණයක් ජලය පමණක් අන්තර්ගත නිසා සයිලෝම ද්‍රවය නොසෑහෙන්න ආහාරයට ගන්නට සිදුවෙනවා. දවසක් ඇතුළත උගේ බර මෙන් 300 ගුණයක පමණ xylem sap ප්‍රමාණයක් මෙම සතුන් ආහාරයට ගන්නවා. ඒක හරියට මනුස්සයෙක් කිලෝ 21000ක කෑම දවසින් කනව වගේ වැඩක් 😅.
ඉතින් ඒකයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව අර විශාල පෙණ ගුලි තණබිම් වල, කුඹුරු සහ වෙනත් වගා වල හැමතැනම දකින්න ලැබෙන්නේ. සතාව හරියකට ඇහැටවත් පේන්නෙ නැති වුණාට ඒ පිටකරන බහිස්රාවී ද්‍රව්‍යනම් හොදින් දකින්න පුලුවන් තරම් විශාලයි. මේ පුංචි සතා අලියෙක් විතර වුණානම් ඔය පිටකරන එව්ව ලෝකවාසීන්ට අමුතුම ආතල් එකක් වෙයි 😅.
ඇත්තටම මේ පෙණ වලින් මේ පුංචි සතා කූඹින් වැනි විලෝපීන්ගෙන් වගේම විජලනයවීමෙනුත් ආරක්ෂා වෙනවා.
මෙයාල බිත්තර වලින් එළියට එන්නෙ අප්‍රේල්,මැයි කාලවල. කෙසේ නමුත් උන්නතාංශය මීටර 100කින් වැඩිවෙන සෑම භූගෝලීය පිහිටීමකදීම මෙම කාලය දින 4,5ක් පමණ කාලයකින් වැඩිවෙන බවත් සොයාගෙන තියෙනව. Spittlebug කෙනෙක්ට සුහුඹුලෙක්, ඒ කියන්නෙ Froghopper කෙනෙක් වෙන්න යන්නෙ සති පහක් හෝ අටක් පමණ කාලයක්. ආරම්භක වර්ණය කොළ වර්ණය වන අතර වර්ධනයත් සමගම දුඹුරු හෝ අළු පැහැයකට පරිවර්තනය වෙනවා. ඒ එක්කම පිහාටු සහ පැනීමට උපකාරී වන පසුපස ගාත්රා යුගලයේ වර්ධනයත් මැනවින් කැපී පේන දෙයක්.
විශාල වශයෙන් ශාකවල ද්‍රවයන් උරා බිව්වත් මේ සතුන්ගෙන් ශාක වල පෝෂනයට සැලකිවයුතු හානියක් වන්නේ නැහැ. නමුත් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ ශාක විශේෂ 560කට පමණ මාරාන්තික බැක්ටීරියා විශේෂක් වන Xyella fastidiosa නම් බැක්ටීරියාව මේ සතුන්ගේ මුඛ මාර්ගයෙන් පැතිරී යාමයි.
මෙම බැක්ටීරියාව සෘජුවම ක්‍රියාත්මක වන්නේ සයිලෝමයට හානිකිරීමෙනුයි. spittlebug කෘමීන් විසිනුත් සිදුරු කරනනේ ඒ සයිලෝමයමයි. ඉතින් Xyella බැක්ටීරියාව සයිලෝමය තුළට ඇතුලුවී ඒ තුළ ඇතිකරන බැක්ටීරියා කොලනි නිසා ශාක සයිලෝමය හරහා සිදුවන සියලු සංසරණ කටයුතු ඇණහිටිනවා. එහෙම ගහක යුෂ උරාබොන තවත් spittlebug කෙනෙක් එම බැක්ටීරියාවේ ප්‍රවාහකයා ලෙස නැවත ක්‍රියාකරනවා. බොහෝමයක් කෘෂිකාර්මික කටයුතු වලදී මෙම රෝගය විශාල ප්‍රශ්නයක් වුණත් තවමත් මේකට සාර්ථක විසදුමක් සොයාගෙන නැහැ.
එහෙම කියල මේ අහිංසක සත්තුන්ට වරද පටවල හරියන්නෙ නෑ. ඒ කිසිම දෙයක් උන් හිතල කරන දේවල් නෙවෙයිනෙ. එකම වරද මෙච්චර කාලයක් යක්කු කෙළ ගහල කියල පරම්පරා ගාණක වැඩිහිටි මිනිස්සුන්වත් රවට්ටපු එක තමයි ඉතින්.
මේක ෆේස්බුක් එකේ දැක්ක ලිපියක්
https://m.facebook.com/media/set/?set=a.2748233902088989&type=3&d=m