ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනයත් සමඟ පලායන ඇෆ්ගනිස්ථාන ජාතිකයින් ගුවන් යානා වල පිටත එල්ලී ගමන් කරන අයුරු මෙන්ම වැටෙන අයුරු සදහන් වීඩියෝද සමාජ මාධ්‍යයේ නොදුටු කෙනෙක් නැතිතරම්.එහෙම කෙනෙක් ගෘප් එකේ අහල තිබුනා එහෙම යන්න පුළුවන්ද කියලා.ගොඩක් අය අදහස් දක්වල තිබුනා යන්න බැහැ අනිවාර්්‍යයෙන්ම මියයනවා කියලා.නමුත් නිරුපද්‍රිතව ගිය අය ඉන්නව කිව්වහම කෙනෙක්ට පිලිගැනීමට නොහැකි වෙන්න පුළුවන්.පිළිගන්න අකමැති අයත් හිටියා.
යානයක Weel bay (ගොඩබෑමේ ගියර් මැදිරිය) තුළ ගමන් කළ පුද්ගලයින් පිළිබදව එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන (එෆ්ඒඒ) පර්යේෂකයෙකු ගුවන් ගමන් 101 කදී එවැනි උත්සාහයන් 113 ක් වාර්තා කර තිබුණි. මෙම පුද්ගලයින් 113 දෙනාම පිරිමින් වන අතර වැඩි වශයෙන් වයස අවුරුදු 30 ට අඩු අය වූහ.හඳුනා නොගත් බොහෝ දෙනෙක් සමඟ මරණ 86 ක්, මරණ අනුපාතිකයෙන් සියයට 76% ක් .ලේඛනගත නොකල අවස්තා තිබිය හැක.
වාර්තා ගත පුද්ගලියින් 113 අතරින් 27 දෙනෙක් සාර්තක වෙලා තිබුනා.
මේ ඔවුන් පිළිබදව.
1946 Aug 7
Bas Wie වයස අවුරුදු 12 Kupang සිට Darwin දක්වා Douglas DC-3 ගුවන් යානයක,
1946 Aug 5
වයස අවුරුදු 30ක පමණ පුද්ගලයෙක් (නිර්ණාමික) Lisbon සිට Natal දක්වා Douglas DC-3 ගුවන් යානයක,
1960 Sep 9
Daniel Melo වයස අවුරුදු 16, Santa Maria සිට Bermuda දක්වා Lockheed L-1049 Super Constellation ගුවන් යානයක,LAV's ground team එක මගින් තමයි ඔහුව අල්ලාගෙන තියෙන්නේ.
1966 Sep 28
වයස අවුරුදු 17ක තරුණයෙක් (නිර්ණාමික) Bogotá සිට Mexico City දක්වා Boeing 707 වර්ගයේ ගුවන් යානයකින්.ගුවන් යානය අඩි 34000ක් දක්වා ඉහලට පියාසර කරල තියෙනව.
1969 Jun 4
Armando Socarras Ramírez වයස අවුරුදු 17, ඔහුගෙ සහෝදරයා (අවු 16) සමඟ Havana සිට Madrid දක්වා Douglas DC-8 ගුවන් යානයකින්.ගුවන්යානය ගොඩබෑමේදී ඔහුගෙ සහෝදරයා වැටිලා මියයනවා.
1969 July 26
වයස අවුරුදු 17 (නිරිණාමික) Havana සිට Madrid දක්වා Douglas DC-8 ගුවන් යානයකින්.ඔහුත් සමඟ තව කෙනෙක් අැවිත් වැටිලා මිය යනවා.
1986 Nov 14
වයස අවුරුදු 35 (නිරිණාමික) Panama සිට Miami දක්වා Boeing 707 වර්ගයේ ගුවන් යානයකින්,ගුවන් යානය අඩි 39000ක් දක්වා ඉහළට පියාසර කරල තියෙනවා.
1990 Feb 19
ට්‍රිනිඩෑඩ් ජාතිකයන් දෙන්නෙක් (නිරිණාමික) Trinidad සිට Torontoදක්වා BWIA West Indies Airways Lockheed L1011 වර්ගයේ ගුවන් යානයකිනන්, පැය 5ක ගුවන් කාලයක්.
1993 Jun 4
Juan Carlos Guzmán හා Betancourt වයස අවුරුදු 17, Bogotá සිට Miami දක්වා
(Arca Airline flight) Douglas DC-8 ගුවන් යානයකින්, දෙදෙනාම දිවි ගලවාගෙන තිබුනත් සොයා ගන්නකොට අධික ලෙස ශරීර ශීතල වෙලා.
1996 Oct 14
Pardeep Saini, 22, Vijay Saini, 19 ඉන්දියන් ජාතිකයින් දෙන්නෙක්, New Dilhi සිට London දක්වා, Boeing 747 වර්ගයේ ගුවන් යානයකින්. ඔවුන් දෙදෙනාගෙන් Vijay Saini මිය යනවා.
1998 June 28
අවුරුදු 23ක චීන ජාතික තරුණයෙක් (නිර්ණාමික) Shanghai සිට Tokyo දක්වා Boeing 747 වර්ගයේ ගුවන් යානයකින්. අධික ලෙස රෝගාතුරු නිසා රෝහල් ගත කරනවා.
1998 Sep 14
Emilio Dominguez වයස අවුරුදු 23 San Pedro Sula–Miami
(Iberia Flight 6130) McDonnell Douglas DC-9 ගුවන් යානකින්.ගුවන් යානය අඩි 33000ක් දක්වා ඉහළට පියාසර කරල තියෙනවා.ඔහු රැකියාවක් සදහායි ගිහින් තිබෙන්නේ.නමුත් ඔහුව නැවත හරවා එවනු ලබනවා.
2000 Aug 4
Fidel Maruhi වයස අවුරුදු 24 , Papeeteසිට Los Angeles හරහා Paris දක්වා
(Air France Flight 71) Boeing 747-400 වර්ගයේ ගුවන් යානයකින්,ගුවන් යානය අඩි 38000ක් දක්වා ඉහළට පියාසර කර තිබෙනවා.යානයට ඉන්ධන ලබා ගැනීම සදහා ලොස් අැන්ජලීස් ගුවන්තොටුපලට ගොඩබෑ අවස්තාව වන විට ඔහුගේ ශරීර උෂ්ණත්වය 26 °C (79 °F) දක්වා අඩු වී තිබෙනවා.ඔහු ප්‍රංශය දක්වා ගමන් කර අැති එකම අරමුණ වී අැත්තේ Zinedine Zidane නම් ප්‍රසිද්ධ ප්‍රංශ පාපන්දු ක්‍රීඩකයාට අතට අත දීම බව ඔහුම පවසා තිබෙනවා.
2002 December
Victor Alvarez Molina වයස අවුරුදු 24, Havana සිට Montreal දක්වා McDonnell Douglas DC-10 ගුවන් යානයක.
2004 Nov 11
Liang Kailong වයස අවුරුදු 14, Su Qing වයස අවුරුදු 13
Kunming සිට Chongqing දක්වා Airbus A320 වර්ගයේ ගුවන් යානයක.ඔවුන්ගෙන් Su Qing යානය පියාසර කිරීම අරඹා කෙටි කාලයක් තුල මිය යනවා.
2007 Sep 21
Andrey Shcherbakov වයස අවුරුදු 15, Perm සිට Moscow දක්වා Boeing 737 වර්ගයේ ගුවන් යානයක.
2007 Oct 12
Osama R.M. Shublaq ( පලස්තීන ජාතිකයෙකි.වයස ගැන සදහනක් නොමැත) Kuala Lumpur සිට Singapore දක්වා
(Singapore Airlines Flight 119) Boeing 777-200 වර්ගයේ ගුවන් යානයක.
2010 Jun 6
වයස අවුරුදු 20ක රුමේනියන් ජාතිකයෙක්, Vienna සිට London දක්වා. Boeing 747 වර්ගයේ ගුවන් යානයක.
2010 Nov 2
Roman Sorokovikov වයස අවුරුදු 16, Yerbogachen සිට Kirensk දක්වා Antonov An-24 ගුවන් යානයක.
2013 Aug 24
Daniel Ihekina වයස අවුරුදු 13ක් හෝ 14කි. Benin city සිට Lagos දක්වා. ගුවන් යානය පිලිබඳව සදහනක් නොමැත.
2014 Apr 20
සෝමාලියානු ජාතික Yahya Abdi වයස අවුරුදු 16, San Jose සිට Kahului දක්වා
(Hawaiian Airlines Flight 45) Boeing 767 වර්ගයේ ගඅවන් යානයක.
2015 Apr 7
Mario Steven Ambarita වයස අවුරුදු 21, Pekanbaru සිට Jakarta දක්වා.
(Garuda Indonesia Flight 177) Boeing 737-800 වර්ගයේ ගුවන් යානයක.
2015 Jun 19
Carlito Vale වයස අවුරුදු 28 හා Themba Cabeka වයස අවුරුදු 24,
Johannesburg සිට London දක්වා
(British Airways Flight 54) Boeing 747-400 වර්ගයේ ගුවන් යානයක. ඔවුන්ගෙන් Carlito Vale මිය යනවා. Themba cabeka තුවාල ලබා දිවි ගලවා ගන්නවා.
2017 Aug 12
ඩොමිනිකන් ජාතිකයෙක්. (නම, වයස ගැන සදහනක් නොමැත)
Santo Domingo සිට Miami දක්වා
(American Airlines Flight 1026) Airbus A321 ගුවන් යානයක.
2019 Apr 13
සිඟන්නෙකි. ඔහු පිලිබදව කිසිම සදහනක් නොමැත.
Pointe-à-Pitre සිට Cayenne දක්වා.
(Air France Flight 600) Airbus A320 ගුවන් යානයක.
2021 Feb 4
වයස අවුරුදු 16ක කෙන්යානු ජාතිකයෙක් (නිර්ණාමික. වයස පිලිබදව සදහනක් නොමැත).
London Stansted සිට Maastricht දක්වා
(Turkish Airlines Flight 6305) Airbus A330 ගුවන් යානයක.
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්