ඊයේ දවසේ මාතෘකාව නැති වුන තරුණයාගේ ආදර කතාව නිසා ඒක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා.
ඒ තරුණයාගේ පවුලේ සමාජිකයො එක්කත් කතා කරන්න පුලුවන් වුනා.
තත්ත්වය ඉතා කණගාටුදායකයි. මේ කතාව කිව්වේ නැතිවුන තරුණයගේ පවුලේ සමාජිකයො..
ඔය සම්බන්ධයට මාස තුනයි..
කොල්ලා නැතිවෙන්නේ තට්ටු පහේ බිල්ඩිමක වැඩ කරන අතරතුර වැටිලා.
ඒ වැටෙන දවසට කලින් දවසේ ඔහුගේ අතටම අහුවේලා ඒ තරුණිය (පෙම්වතිය) වෙනත් තරුණයෙක් එක්ක රූම් ගිහින් එනවා..
ඉතින් ඔහුට ඔය අනතුරට ලක් වෙන්න ඒ මානසික පීඩනයත් බලපාලා..
අනේ ඉතින් එහෙම කතාවක් තමයි ඉන්ස්ටාග්‍රෑම් ෆලෝවර්ස්ලා වෙනුවෙන් "සැබෑ ආදර කතාවක්" විදියට ඒ තරුණිය විසින්ම විකුණන්නේ..
මෙහි තියෙන නින්දිත දේ තමයි, ඒ තරුණිය දැන් ඉන්ස්ටාග්‍රෑම් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්.. පෝස්ට් එකකට රුපියල් 15,000ක් අය කරන..
ඇය දැන් පෙම්වතා එක්ක ඉද්දිම, තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ රීච් නැති වුනාම මිය ගිය තරුණයගේ වීඩියෝ ක්ලිප්ස් දානවා. මොකද ඇය ෆේමස් වෙන්නේ "ඒ තරුණයාගේ පෙම්වතිය" විදියට.. ඇයට රීච් අවශ්‍ය නම් ඒ ඕඩියන්ස් එකට කතා කරන්න වෙනවා..
මෙතන තියෙන්නේ කොටින්ම ඉතාම අවලස්සන විකිණීමක්..
දෙයක් හිතන්න බැරි, බාහිරෙන් දකින දේ බලලා නිගමන වලට එන මිනිස්සු ඇය ලස්සන යූස් කරනවා..
Copied