කෑවා නම් තමයි... ඒත්, චමින්ද වාස් ආවාට පස්සේ, බෝලිං පැත්ත හොඳට වෙනවා. කලින්ට වඩා දැන් හොඳයි. පන්දු රැකීමත් ඒ වගේ. දැන් තියෙන්නේ, මහේල හරි සංගා හරි වගේ කෙනෙක් දාගෙන, බැටිං පැත්ත හදාගන්න එක. මුල ඉඳලාම කණා පාරවල් ගහන්නනේ හැමෝම හැදුවේ. ටිකක් technical shots හැදුවා නම්, placement ගැන කියලා දුන්නා නම් (උදා: මිනෝද්ගේ පලවෙනි උඩපන්දුව අතහැරියනේ. ඒත් එයා දැවී ගියේ ඒ පහරම ඒ විදියටම ගහන්න ගිහින්. රෑ වැටුණු වලේ දවල් වැටුණා වගේ) මීට වඩා හොඳ තරඟයක් බලන්න තිබුණා.
මොනවා වුනත්, පළවෙනි ස්තූතිය පිරිනමන්න ඕනේ බිංදුසාරලාව වීඩියෝ කරපු කෙනාට. එයා නැත්නම් මෙහෙම දෙයක්වත් දකින්න ලැබෙයිද...