DHL සේවාව හරහා මෙරටට ගෙන්වූ මත්ද්‍රව්‍ය පාර්සල් තුනක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරින් සමත්ව තිබෙනවා.
අදාල පාර්සල් සදහා කොළඹ 7, දෙමටගොඩ හා කොටහේන ප්‍රදේශයන් වල ව්‍යාජ ලිපිනයන් යොදාගෙන තිබූ බව සඳහන්.
ඉන් පාර්සල් දෙකක තිබී හෂිශ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් හා ග්‍රෑම් 34ක්, අනෙක් පාර්සලය තුළ තිබී marijuana/hashish කාණ්ඩයට අයත් ග්‍රෑම් 320ක් ද සොයාගෙන තිබෙනවා.
අදාල මත්ද්‍රව්‍ය පාවහන් සහ චොකලට් වල සුක්ෂම ලෙස සඟවා ගෙනත් තිබූ බවයි රේගු මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් කියාසිටියේ.
මෙම මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් මිලියන 8.8 වන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.