• Talkies Health and Fitness
  • කොවිඩ් එන්නත් මිශ්‍ර කිරීම භයානකයි - ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි

කොවිඩ් -19 එන්නත් මිශ්‍රකර එන්නත්කිරීම භයානක ප්‍රවණතාවයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥයා වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාතන් පවසා තිබෙනවා.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය සඳහන් කර සිටියේ එකිනෙකට වෙනස් කොවිඩ් එන්නත් මිශ්‍රකර භාවිත කිරීමට තමා උපදෙස් නොදෙන බවයි.

මේ වනවිට ශ්‍රී ලංකාව, කැනඩාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඇතුළු ලොව රටවල් කිහිපයක ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත යොදාගැනීමට කටයුතු කරමින් තිබෙනවා.

එන්නත් මිශ්‍රකර ලබාදීමෙන් ඇතිවන ප්‍රතිඵල පිළිබඳ දත්ත නොමැති බවත්, නිවැරදි සාක්ෂි නොමැති බවත් ස්වාමිනාතන් ප්‍රකාශ කළා.

මේ අතර කැනඩාවේ ඔන්ටාරියෝ සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස්ටීන් එලියට්ගේ සන්නිවේදන අධ්‍යක්ෂ කාර්ලි ලුවී පැවසුවේ ඔවුන් දිගටම එන්නත් මිශ්‍රකර ලබාදෙන බවයි.

    adminbuva ඒ වුණෘට කලින් ලෝක සෞඛ්‍ය සංවිධානයම තමයි කිව්වේ අවුලක් නෑ කියලා. දැන් කියනවාලු දත්ත මදි කියලා. අනේ මන්දා

      ctupramod උන්ටත් කිසිම idea එකක් නැ.. virus එක predict කරන්න බැරි නිසා ඉස්සරහට කොහොම බලපායි ද කියල කියන්න බැ

      මේ පිංබිමෙන් පිට වෙන්නම් ෆයිසර් එන්නත අනිවාර්යයි කියන්නේ ඇත්තද? එහෙම උනොත් වෙන එන්නත් ගහපු එවුන්ටත් ෆයිසර් ආපහු ගහගන්න වෙනවද?

        Sure එහෙම එක එන්නතක නමක් කියන්නේ නෑ. හැබැයි, මොකක් හරි එන්නතක දෙවෙනි මාත්‍රාවත් ගහලා තියෙන්න ඕනේ. තව ටික දවසකින්, අපි දෙවෙනි මාත්‍රාව ගත්තා කියලා certificate එකක්, සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියෙන් අරගන්න පුළුවන් විදියට හදනවාලු. එතකල්, අපිට දීපු කාඩ් එක තමයි.

        news වයිරස් එකේ විවිද ප්‍රභේද ඇතිවන නිසා තමා කේස් එක වෙලාවට ප්‍රතිශක්තිය වැඩි කට්ටියට සනීප වෙනවා නැත්නම් HIV වගේ තමා ඕකත් 😐

        Write a Reply...