අලුත උපන් බිළිඳියක් පුළුස්සා ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
35 හැවිරිදි අදාළ තිදරු මව, ඊයේ සවස නිවස තුළදී ම අදාළ දියණිය බිහිකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කන්තලේ මූලස්ථාන පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් ඊයේ දින සවස් කාලයේදී විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර අදාළ සැකකාරියගේ ස්වාමියා වසර 4ක කාලයක් තිස්සේ විදේශගතව සිටින අතර ඇයගේ අනියම් සබඳතාවක් හේතුවෙන් අදාළ දරුවා බිහිවී තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් අද (ජූලි 13) දින මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ