sevirudana මම ෆෝන් එක ගෙන්නුවේ 2018දී. DHL එකෙන්.
එතකොට මුලින්ම DHL එකෙන් ෆෝන් එක ආවා කියලා නිවේදනය එනවා ඔයාගේ ලිපිනයට. මම කළේ මුලින්ම vauxhall street එකේ තියෙන DHL එකට ගිහින් හම්බවෙන එක. එයාලා කියනවා TRCSL එකට කියලා. මොකද සිම් එකක් දාන ඒකෙදි ඔයාගේ ෆෝන් එකේ model/imei සහ විස්තර ටික දාලා document එකක් දෙන්න තියෙනවා. ඒකෙදි ඔයාගෙන් ගාස්තුවක් අය කරන්නේ නෑ. නොමිලේ කරන්නේ.
ඊට පස්සේ TRCSL අවසරය එක්ක යන්න වුණා Import and Export control එකට.
ඒකෙදි තමයි ටැක්ස් එකක් අය කරන්නේ. ෆෝන් එකේ මිළ එයාලා ඉන්වොයිස් එක අනුව බලනවා. මගේ ෆෝන් එකේ මිළ එතකොට ඩොලර් 300 ගානක් දාලා තිබ්බේ ඉන්වොයිස් එකේ මතක විදියට. ඒකට මට ටැක්ස් එක රුපියල් 5,000ක් විතර ගැහුවා.
ඒ ඩොකියුමන්ට් එක අරගෙන ආයේ DHL එකට ගියා. ඒකෙදි එයාලත් රුපියල් දෙදාහක් වෙනම ටැක්ස් එකක් ගැහුවා. ඊට පස්සේ ෆෝන් එක දුන්නා.
ඕක තමයි මම නම් කළේ. මේ වෙනකොට TRCSL අවසරය නම් ඔන්ලයින්ම ගන්න පුලුවන් කොවිඩ් තත්ත්වය එක්ක.
මට නම් අවුලක් වුණේ නෑ ඉතින් ෆෝන් එක රිලීස් කරගන්න. බයවෙන්න නම් දෙයක් නෑ ඉතින්.