හදවත රත්තරං ජෝතිපාල
නොහොත්
හෙටිටිආරචිචිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල
වෂි 1936 පෙබරවාරි 12 වන දින මෙලොව එළිය දුටු හෙටිටිආරචිචිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල මරදාන ශාන්ත ලෝරන්ස් විදුහලෙන් සහ දෙමටගොඩ ශාන්ත ජෝන්ස් විදුහලෙන් අධ්‍යාපනය හැදෑරීය. ළමා අවධියේ සිටම සංගීතයට ඇළුමි කල ඔහුට උපතින්ම ගී ගැයීම සඳහා සහජ දක්ෂතාවයක් තිබුණි. සංගීතයට එතරම් ඇළුමිකල ළමා ජෝතිට තම නිවසේ සිට ගී රස විඳීමට ගුවන් විදුලි යන්ත්‍රයක් නොතිබුණි. ඒ නිසා ගී රස විඳීමට ඔහු පුරැදුව සිටියේ නිවස අසළ තිබූ තේ කඩයේ ඇති ගුවන් විදුලිය ශ්‍රවණය කිරීමෙනි. මෙි නිසා තම නිවසින් මෙන්ම තේ කඩ හිමියාගෙන්ද බැණුමි ඇසූවාර බොහෝය. නමුත් කුඩා කාලයේ සිටම ඔහුගේ එකම අභිලාෂයවූයේ ගායකයෙකුවීමටය.
ජෝති ප්‍රථමවරට ගීතයකට හඬ මුසුකර ඇත්තේ වසන්තා සන්දනායකගේ ගීතයක අත්වැල් ගායනයකට සහභාගිවෙමින් "තොටියෝ" නැමති ගී පද කොටස ගැයීමෙනි. ඉන්පසු ඔහු ප්‍රථමවරට චිත්‍රපටයට පසුබිමි ගී ගයා ඇත්තේ සිරිසේන විමලවීරයන්ගේ "පොඩිපුතා" නැමති චිත්‍රපටයටය. නමුත් අවාසනාවකට පසුව එම ගීතය චිත්‍රපටයෙන් ඉවත්කර ඇත. මෙි බව නොදත් ජෝති තම මිතුරන් සමග මහත් සතුටින් ගොස් ඇත්තේ තමා ගැයූ ගීතය මිතුරන් සමග රස විඳීමටය. එය චිත්‍රපටයෙන් ඉවත් කර ඇති බව දැනගත් ජෝති මහත් කමිපනයට පත්විය. නමුත් මෙි අධිෂ්ඨානශීලී මිනිසා එයින් පසුබට නොවී තම අරමුණ කරා යන ලදි. එහි ප්‍රථිපලයක් වශයෙන් ජබීර්.ඒ.කාදර් මහතා නිෂ්පාදනය කල සිරිල්.පි. අබෙිරත්න මහතා අධ්‍යක්ෂණය කල "සුරතලී" චිත්‍රපටයේ ප්‍රධාන නළු ආනන්ද ජයරත්න මහතා වෙනුවෙන් "සිරියා මෙි සාරා" ගීතය ගැයීමෙන් චිත්‍රපට පසුබිමි ගායකයෙකු වශයෙන් දොරට වැඩීය. ප්‍රථම ගීයම ඉමහත් ජනප්රීයටපත්වීමෙන් අනතුරැව ඔහු මියයනතුරැම චිත්‍රපට ගීලොව අගරජු බවට පත්විය. ඔහොම හොඳද, හතරදෙනාම සූරයෝ
එදත්සූරයා අදත් සූරයා, හොඳම වෙිලාව, සූරයා සූරයාමයි, තූෂාරා,සුහද පැතුම, සංගීතා
කස්තුරි සුවඳ,සදහටම ඔබමගේ, සුසී, නෑදෑයෝ,අංජානා,ඇතුළු චිත්‍රපට අතිවිශාල ප්‍රමාණයක චිත්‍රපට පසුබිමි ගී ගයා ඇති මෙි අභිමානවත් ගායකයා ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටයේ "මෙි ජීවනයේ" ගීතය වෙනුවෙනුත්, මධුසිහින චිත්‍රපටයේ " සරාසඳේ" ගීතය වෙනුවෙනුත් ඔබට දිවිරා කියන්නමි චිත්‍රපටයේ "පාළු සුසානේ" ගීතය වෙනුවෙනුත් ජෝති හොඳම ගායකයා බවට සමිමානයට පාත්රවිය. සමිමානයට පාත්රවිය යුතු තවත් බොහෝ චිත්‍රපට පසුබිමි ගී තිබුණත් ඒවා අදිසි හස්තයන් විසින් වලකා ඇතිබවද සැලවෙි.
මෙි අසහාය ගායකයා අවසන්වරට කතරගම ගමිඋදාව භූමියේ පැවති සංගීත සංදර්ශනයේ ගීත ගායනා කල අතර ඉන් දින දෙකකට පසු අවුරැදු 51ක් ආයූවළඳා වෂී 1987 ජූලී මස 07 දින මෙලොව හැරගියේ ශ්‍රී ලංකාවෙි ගී රසික ජනතාව මහත් කමිපාවට පත්කරමිනි. ජෝතිපාලයන් අපෙන් වෙන්වී අවුරැදු 34 ක් ගෙවීගියත් ශ්‍රී ලංකාවෙි අදටත් ජනප්රීය ගායකයා හදවත රත්තරං ජෝතිපාලයන්මය.
Video Link - [