"ස්නේහ" අන්තර්ජාතික රූපවාහිනී ප්රදර්ශනය !
❤️
අපි මහන්සි වෙලා හදපු "ස්නේහ" චිත්රපටයේ අන්තර්ජාතික රූපවාහිනී විකාශනය සඳහා මේ වෙද්දි දින නියම වෙලා තියෙනවා. එක පැත්තකින් මේක අපේ රටේ කෙටි චිත්රපට කලාව පහු කරන සුවිශේෂී සැතපුම් කණුවක් කියලා හඳුන්වන්න පුලුවන්. අනික් අතට ගත්තම ඕනෑම රටක කුළුඳුලේ සිනමාපටයක් හදපු සිනමාකරුවෙකුට මෙහෙම අන්තර්ජාතික රූපවාහිනී විකාශනයක් සඳහා අවස්ථාවක් ලැබීම ඉතා විරළ අවස්ථාවක්.
ඉතින් අපට මේ ගැන බොහොම සතුටුයි.
ඒ වගේම ආඩම්බරයි.
චිත්රපටය විකාශය වෙන්නේ ආසියාව පුරා රටවල් 24 ක විකාශය වෙන CinemaWorld කියන අතිශය ජනප්රිය සිනමා රූපවාහිනී නාලිකාවේ. Dialog TV හරහා Channel අංක 87 ඔස්සේ, Peo TV හරහා Channel අංක 33 ඔස්සේ ලාංකේය ඔබටත් මේ නාලිකාව නරඹන්න පුලුවන්. පහතින් දක්වන්නේ චිත්රපටය විකාශනය වන දිනයන් සහ වේලාවන්.
ජූලි 11 - සවස 6.10
ජූලි 14 - රාත්රී 8.15
ජූලි 19 - රාත්රී 8.20
චිත්රපටය නිශ්පාදනය කරන්න, චිත්රපටය හදන්න තමන්ගේ දායකත්වය ඉහළින්ම දුන්නු, චිත්රපටයට උදවු කරපු, චිත්රපටය බලපු, චිත්රපටය ගැන අදහස් දක්වපු, සියලුම දෙනාටම නැවත වතාවක් ස්තුතියි. මේ සුවිශේෂී විකාශය වෙනුවෙන් පාර කපපු Shenal අයියා සහ Peo TV එකේ වැඩ කරන දිල්ශාන් නම් නොදුටු මිතුරාටත් ස්තුතියි.
මගේ චිත්රපටයක්, අපේ වැඩක්, හෝ අපේ රටේ වැඩක් නිසා චිත්රපටය බලන්න යැයි මම ඔබෙන් ඉල්ලා සිටින්නේ නෑ. මම ඔබට මේක නරඹන්න යැයි විවෘත ආරාධනාවක් කරනවා. හැබැයි මට ඔබට එක දෙයක් නම් සහතික කරලා කියන්න පුලුවන්.
ඔබ එක වරක් "ස්නේහ" අහම්බයෙන් හෝ බැලුවොත්, ඔබ අනිවාර්යයෙන්ම වෙලාව වෙන් කරගෙන ඉවසිල්ලෙන් සහ උවමනාවෙන් චිත්රපටයේ තවත් දර්ශන වාරයක් බලාවි.
| මහේල හෙට්ටිආරච්චි