කළු කුමාර දිස්ඨිය. අපේ සිංහල සංස්කෘතිය එක්ක ඉතිහාසයේ ඉඳලම එන කාරණයක් තමයි මේ කළු කුමාර දිස්ඨිය කියන්නේ. මේ ගැන ජැක්සන් ඇන්තනී මහත්මයගෙ ෆිල්ම් එකක් පවා මීට වසර කිහිපයකට කලින් නිකුත් වුණා ඝරසරප කියලා.
කළු කුමාර දිස්ඨිය වැහුන කෙල්ලන්ට රෑට ඇඳේදි කවුරුහරි තදින් අල්ලගෙන ඉන්නවා කියලා දැනෙනවලු. ඒ වෙලාවට ඇස් දෙක ඇරගෙන හිටියට, උදව් ඉල්ලලා කෑ ගහන්න බෑ. ඒ වගේම ඇඳෙන් නැගිටින්නත් බෑ. ඒ වෙලාවට දැනෙන්නෙ කවුරුහරි අත් දෙකෙන් කකුල් දෙකෙන් අල්ලගෙන ඇඟ උඩ ඉන්නවා වගේ ඉතින් මේ වගේ වෙලාවක ඕනම මනුස්සයෙක් සෑහෙන්න බය වෙනවා.
ඇත්තටම මේක සිද්ධ වෙන්නේ කළු කුමාර දිස්ඨිය නිසාද?
සාමාන්‍යයෙන් නින්දක පියවර කිහිපයක් තිබෙනවා.
ඉන් එකක් තමයි REM Sleep කියන්නේ. මේකෙදි ඔයාගේ ඇස්දෙක හරිම වේගයෙන් චලනය වෙනවා(Rapid Eye Movement). ඒ උනාට ඔයා ඉන්නේ තද නින්දක. මෙතනදි තමයි ඔයාට සිහින පේන්න ගන්නේ. අපි තද නින්දක ඉන්න නිසා සිහිනයක් දකින්නේ කියලා තේරෙන්නෙ නැහැ. ඉතින් ඇත්ත ලෝකෙදි වගේම ඒ දේවල් වලට අපි ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා අපිට අනතුරු සිද්ධවෙන නිසා මොළය විසින් ඇඟ සම්පූර්ණයෙන්ම පණ නැති කරනවා. ඒ කියන්නේ paralyze තත්ත්වයක්. සිංහලෙන් කිව්වොත් අංශභාග තත්ත්වයක්. මේක තාවකාලික දෙයක්. REM Sleep එක ඉවර උනාට පස්සේ මේ තාවකාලික අංශභාග තත්වය මොලේ විසින් අයින් කරලා දානවා. හැබැයි මෙතනදී ඔයාගේ ඇස් දෙකට මේක බලපාන්නෙ නැහැ. ඉතින් හදිසියේ හරි ඔයාට ඇහැරුනොත් ඔයාට තේරෙන්නේ ඔයාගේ ඇඟ පණ නැති වෙලා එහෙම නැත්නම් ඔයාව කවුරුහරි ඇඳට තියලා තද කරගෙන ඉන්නවා වගෙයි. මොකද ඔයා තවමත් ඉන්නේ අර කිව්ව තාවකාලික අංශභාග තත්ත්වයේ. මොළය ඔයාව තාම ක්‍රියාත්මක වෙන තත්ත්වයට අරගෙන නැහැ.
මෙන්න මේ තත්ත්වයේදී එක එක පුද්ගලයන්ට එක එක විදියට තමයි මේක දැනෙන්නේ. සමහර අයට කවුරුහරි හොරෙක් එහෙම නැත්නම් මිනීමරුවෙක් තමන් ළඟට ඇවිල්ල කියල දැනෙනවා. තවත් සමහර අයෙක්ට තමාගේ ආත්මය ශරීරයෙන් එලියට ඇවිල්ල කියල දැනෙනවා. එ වගේම තවත් සමහරුන්ට දැනෙන්නේ යක්ෂයෙක් එහෙම නැත්නම් හොල්මනක්, නපුරු ආත්මයක් තමා ව ඇඳට තියලා තද කරගෙන තමාගේ පපුව උඩ ඉන්නවා වගේ. සාමාන්‍යයෙන් මේ හැඟීම තියෙන්නෙ තත්පර කීපයක් එහෙම නැත්නම් විනාඩියක් පමණ. ඉන්පස්සෙ මොළය ඔයාව පැරලයිස් තත්ත්වයෙන් නිදහස් කරනවා.
මේ කියන යක්ෂ එහෙම නැත්නම් නපුරු ආත්මය එක එක සංස්කෘතීන් එක්ක වෙනස් වෙනවා. ශ්‍රී ලංකාවේ නම් ඔය කළු කුමාර දිස්ඨිය හරි ඒ වගේ අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන අපි හදාගත්ත දේවල් මේකට ගලප ගන්නවා. ඉතින් සමහරු මේ වගේ දේවල් උනාම තොවිල් නටනවා. එක එක භූත දෝෂ කියලා හිතාගෙන කට්ටඩියෝ ළඟට යනවා එහෙම නැත්නම් සාත්තර කාරයෝ ළඟට යනවා. එහෙම ගිහිල්ලා කිසිම තේරුමක් නැතුව තමාගේ අතේ තියන සල්ලි නැති කරගෙන සමහර වෙලාවට ණයත් වෙලා තමයි නතර වෙන්නේ. මොකද මේ කියන තත්ත්වය තොවිල් නටලා වත් යන්තර මන්තර කරලාවත් අයින් කරන්න බැහැ.
මේක ඕනම කෙනෙකුට වෙන සාමාන්‍ය සිද්ධියක්.මේක මටත් පෞද්ගලිකවම ඕනතරම් වෙලා තියෙනවා.
දැන් ඔබ අහවි මේකට හේතුව මොකක්ද කියලා. සරලවම එක වාක්‍යයකින් කිව්වොත් හරි නින්දක් ඔබට ලැබෙන්නේ නැති එක තමයි මේකට හේතුව. ඔෆිස් එකේ වැඩ වැඩි උනාම, නැත්නම් ලොකු දුකක් ඇති වෙලා( ආදර සම්බන්ධයක් නැති වුණාට පස්සේ), ඔයා නිදාගන්න වෙලාව ගොඩක් පරක්කුයි නම්, එක එක දවසට ඔයා එක එක වේලාවන් වලට නිදා ගන්නවා නම්,ඔලුව උඩු අතට නිදා ගන්න කොට, narcolepsy (නාර්කොලෙප්සි)වගේ රෝගී තත්ත්වයක් තියෙනවා නම් මේ කියන නින්ද අංශභාගය එහෙම නැතිනම් sleep paralysis තත්ත්වය ඇති වෙනවා.
මේකට ප්‍රතිකාර ගන්න ඕනද?
ඇත්තටම මේකට ප්‍රතිකාර ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒත් ඔබට මේ තත්ත්වය නිතර නිතර සිදු වෙනවා නම්, මේක ඔයාගේ නින්දට එහෙම නැත්නම් එදිනෙදා ජීවිතයට බලපෑමක් සිද්ධ වෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙන එක හොඳයි.
එතකොට අදාල වෛද්‍යවරයා ඔයාව පරික්ෂා කරල, මේ තත්ත්වය ඇති වෙන්න හේතුව හොයල බලාවි. ඔයාට මානසික පීඩනයක් එහෙම තියෙනවනම් ඒ දේවල් වලට ප්‍රතිකාර හෝ උපදේශනය කරාවි. ඒ වගේම ඔයාගේ නින්ද හරියට සිද්දවෙන්න අදාල වෙන බෙහෙත් නියම කරාවි. මේක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට තිබෙන තත්ත්වය අනුව වෙනස් වෙනවා.
විශේෂ හේතුවක් තිබුණා මේක ගැන පල කරන්න. මොකද තවමත් මිනිස්සු විශේෂයෙන්ම ලංකාවේ අපේ අය මේ සම්බන්ධව දැනුවත් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම Sleep paralysis(නින්දද අංශභාගය) ගැන සිංහලෙන් තියෙන ලිපිත් ගොඩක් අඩුයි නිසයි මේක දැම්මේ.
මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්, ලොකු අවුලක ඉන්නවා මේ ප්රශ්නය නිසා. මම එයාට තේරුම් කරා මේක සාමාන්‍ය සංසිද්ධියක් කියලා.
ඒ වගේම ගොඩක් අය ලක්ෂ ගණනක් වියදම් කරනවා මේ කලු කුමාර දිෂ්ටිය අයින් කරන්න කියලා. ඒ වගේ තවමත් හරිම ප්‍රාථමික විදියට හිතන, එහෙම නැත්නම් ඒ වගේ දේවල් එයාලගේ ඔලුවට දාන පුද්ගලයින් ඉන්නවා. ඒක නිසා මම ඔයාගෙනුත් ඉල්ලා සිටිනවා මේ ලිපිය facebook එකේ twitter එකේ එහෙම නැත්නම් වට්ස් අප් එකේ ඔයා දන්න යාලුවෙක් ඉන්නවනම් ශෙයා කරගන්න කියලා.
එවගේම මේකේ අඩුපාඩුවක් තියෙනවානම් නිවැරදි කරන්න කියලත් කියනවා.