මේක දැනටම තියෙනවා නම්, ඉස්සෙල්ලාම ඒක කියන්න.
Android වල keypad එකෙන්, (හෙලකුරු හෝ ගූගල්) ඕනම ඇප් එකක ටයිප් කරන්න පුළුවන්නේ. ඒ වගේම ඒවායෙන් වොයිස් ටයිපින් වුනත් කරන්න පුළුවන්. මේක ඇප් එක මත රඳා පවතින්නේ නෑ. ඒ වගේම භාෂාවත් අදාල නෑ. සිංහලෙන් වුනත් වොයිස් ටයිපින් කරන්න පුළුවන්.
මේ දේ, වින්ඩෝස් වල කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් නෑනේ. හෙලකුරු ඔන්ලයින් තියෙනවා, Google translate or Google Docs වල පුළුවන් වොයිස් ටයිපින් කරන්න. හැබැයි, හිතන්න අපිට ඕනේ PowerPoint වල ටයිප් කරන්න කියලා. ඒක කරන්න නම්, ඔය කියන ඔන්ලයින් හෝ වෙන එකක ටයිප් කරලා, කොපි පේස්ට් කරන්න ඕනේ. එහෙම නැතිව, කෙලින්ම, අපිට ඕන සොෆ්ට් වෙයා එකකට voice to text කරගන්න tool එකක් කොහේවත් නෑ. (අඩුම තරමින් මට හොයාගන්න බෑ).
කවුරුහරි ඉදිරිපත් වෙලා, එහෙම එකක් හදමුකෝ. එයාට ඇඩ් දාලා හෝ වෙන pro mode එකකින් මුදල් හොයාගන්නත් පුළුවන්. මොකද කියන්නේ???