මම දැක්කා ගොඩක් අය ඩේටා ස්ටෝ කරන්න හොඳ cloud storage හොයනව. ගොඩක් අය රෙකමන්ඩ් කරල තිබ්බෙ G Drive, one drive , mega වගේ ක්ලවුඩ් ප්ලැට්ෆෝම්ස් . ගොඩක් වෙලාවට මේවාගේ free usage එක 20GB වලින් වගේ ලිමිට් වෙනව . ඊට වඩා ඕනේ නම් අපිට පේ කරල ගන්න වෙනව. shared drive වලින් වගේ ක්රම වලින් ලිමිට් එක වැඩි කරගන්න පුලුවන් උනත් පර්මනට් නෑ ඒ නිසා පේ කරන්නම වෙනව. හැබැයි ඔයාලට පේ කරන්නෙ නැතුව පර්මනට් යූස් කරන්න පුලුවන් අන්ලිමිටඩ් ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් තමයි ටෙලිගෑම් කියන්නේ . ඔයාට පුලුවන් ඔයාගේ ඕන ෆයිල්ස් ගානක් ලිමිට් එකක් නැතුව ටෙලිග්රෑම් එකේ ස්ටෝ කරන්න. ඔයාට තියෙන්නෙ ප්රයිවට් චැනල් එකක් හරි ගෲප් එකක් හරි හදලා ඒකට ඔයාගේ ෆයිල්ස් අප්ලෝඩ් කරන එක (save messages option එකත් තියේ ඕනෙනම්)මතක ඇතුව ගෲප් එක හරි චැනල් එක හරි ප්රයිවට් දාන්න . telegram cloud based app එකක් නිසා ඕන ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්නෙ නැතුව ඕන කෙනෙක්ට ශෙයා කරන්න පුලුවන්. telegram වල අවුලකට කියල තියෙන්නේ එක ෆයිල් එකක උපරිම සයිස් එක 2GB වලට ලිමිට් වෙන එක . ඔයා අප්ලෝඩ් කරන ඕනම ෆයිල් එකක් , මීඩියා එකක් 2GB හෝ ඊට අඩු වෙන්න ඕනේ ඔයාට 2GB ගානේ ඕන තරමක් අප්ලෝඩ් කරන්න පුලුවන්. ඔයා telegram premium buy කරොත් 4GB වෙනකන් ලොකු ෆයිල්ස් අප්ලෝඩ් කරන්න පුලුවන්. telegram වල ඩවුන්ලෝඩ් ලිමිට් එකක් නෑ. ඩේලි ටෙලිග්රෑම් යූස් කරන අයනම් මේවා දන්නව ඉතින් . මේ ගැන දන්නෙ නති කවුරු හරි ඇති කියල හිතල දැම්මෙ.
ප.ලි - telegram acc එක මාස 6 ක් ඇතුලත යූස් නොකර තිබුනොත් ඩිලීට් වෙනව ඒ නිසා data store කරන්න විතරක් යූස් කරනවනම් මාස දෙක තුනකට සැරයක් වත් log වෙලා බලල එන්න🙂