කාලයක් තිස්සේ test කරනවා කියලා දැනගෙන හිටියාට, කවුරුවත් දැක්කෙ නැති ලංකාවේ ප්‍රථම විදුලි ත්‍රීරෝද රථය අද හඳුන්වාදෙනු ලැබුවා.
Elektrateq ETX නමින් හඳුන්වන මෙය VEGA සමාගමේ නිෂ්පාදනයක්.
සම්පූර්ණ charge එකකින් කිලෝමීටර් 150ක් ධාවනය කරන්න පුලුවන් කියලා තමයි ඔවුන් කියන්නේ. ඒවගේම උපරිම වේගය පැයට කිලෝමීටර් 60ක්.
ඒවගේම ඇතුළත ගොඩක් ඉඩකඩ ඇතුව හදලා තියෙනවා. පිටිපස්සේ සීට් ඒක නවලා බඩු මුට්ටු දාන්න පුලුවන් වෙන්න වෙනස් කරගන්නත් පුලුවන්. ඒක ලංකාවේ අපිට නම් සෑහෙන වැදගත් වෙයි.
මේකෙ තවත් විශේෂ අංගයක් වන්නේ ඇප් එක.
ඇප් ඒක හරහා ඔයාට ත්‍රිවීල් ඒකේ සම්පූර්ණ විස්තර ටිකම බලාගන්න පුලුවන්. ඒවගේම මැප් ඒක කනෙක්ට් කරන්නත් පුලුවන් ඔයාට ත්‍රීවීල් එකේ ඩෑෂ්බෝඩ් එකට.
ගෙදරක සාමාන්‍ය විදුලියෙන් පැය 6කින් සම්පූර්ණයෙන්ම ආරෝපනය කරගන්න පුලුවන්. මෙයාලා ඉදිරියේදී හදන්න නියමිත charging station වලදි චාජ් කරගන්න නම් යන්නේ පැයක වගේ කාලයක් විතරයි. මොකද ඒ්ක fast charging station ඒකක් නිසා.