👉ගොඩක් දෙනෙක් හිතාගෙනනින්න දෙයක් තමයි කාබෝහයිඩ්රේට් ගත්තහම ඒවගෙන් ඇඟේ ෆැට් තැම්පත් වෙනව කියන එක
ඉතිං ඒක ඇත්තද❓
🤔ඔව් ඒත් නෑ
✔මේ උත්තර දෙකම මේකටත් දෙන්න පුලුවන්
✅කාබෝහයිඩ්රේට් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනව සරල (simple) කාබෝහයිඩ්රේට් සහ සංකීර්ණ (complex) කාබෝහයිඩ්රේට් යන ආකාරයට
සරල කාබෝහයිඩ්රේට් කියන්නෙ❓❓❓
✅සරල කාබෝහයිඩ්රේට් එකක් කියන්නෙ ඉක්මනට ශරීරයට අවශෝෂණය වන glycemic index අගය ඉහළ (ඉක්මනින් රුධිරගත වන) කාබෝහයිඩ්රේට් වර්ගයක්
(Gi අගය 55ට වැඩි)
✅මෙහි තියන අවාසිය තමයි රුධිරගත සීනි මට්ටම ඉහළ ගොස් අධික ලෙස තරබාරු වීමට හේතු වීම , දියවැඩියාව ඇති වීම , ශරීරයේ මේද ප්‍රතිශතය වැඩි වීම වගේ දේවල් ඔයාට වෙන්න පුලුවන්
උදාහරණ ; සීනි , ඩෝනට් , පාන් බනිස් , සුදුබත්
සංකීර්ණ (complex) කාබෝහයිඩ්රේට් කියන්නෙ මොනවද❓
සහ ඇයි ඒවා ශරීරයට හිතකර❓
✅තන්තු බහුල ක්‍රමානුකූලව ශරීරයට එකතු වන මේවා ආහාර මඟින් ශරීරයට ලබා ගැනීම අත්‍යාවශය දෙයක් වන අතර ඔයා complex කාබේහයිඩ්රේට් එකක් ගන්නකොට ශරීරයට අවශ්‍ය ලෙස ක්‍රමවත්ව අවශෝෂණය කරගෙන ඔයාගෙ ශරීරයට නිසි ලෙස ශක්තිය සපයනවා
(Gi අගය 55ට අඩු)
උදාහරණ ; බතල , ඕට්ස් , කොස් , දෙල්
✔වැදගත්ම සහ හැමදාම වගේ කියන ප්‍රධානම දේ තමයි ඔයාගෙ දෛනික කැලරි අවශ්‍යතාවයට සහ ඔයාගෙ goal එකට අනුව ලබාගැනීම අනිවාරෙන්ම සිදු කරන්න ඕන