• Talkies Health and Fitness
  • මේ රස්නෙ දවස් වල මේ උපදෙස් ටික පිළිපදින්න

මේ දවස්වල තියන රස්නේ කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. රස්නේ යම් මට්ටමකින් හරි පාලනය කරගන්න තමයි මේ උපදෙස්

  • හැකිතාක් හැකිතාක් ජලය පානය කරන්න
  • කෙලින්ම අව්ව නොවැටෙන සෙවන සහිත එලිමහන් වල රැදී ඉන්න
  • හැකිතාක් දවසට කිහිප වරක් ස්නානය කරන්න . මෙහිදී කෙලින්ම හිසට වතුර වැටෙන්න නොදී ක්‍රමයෙන් දෙපයේ සිට උඩට තෙමෙන පරිදි ශරීරය තෙත් කරන්න . අධික උණුසුම් වෙලාවක එකවර හිසට වතුර වත් කර ගැනීම හෝ ජලයට පැනීම හෘදයාබාධ පවා ඇති කරන්න පුළුවන් තත්වයකි.
  • හැකිතාක් ලිහිල් කපු ඇදුම් , සිරුර නිරාවරණය වන ඇදුම් වලින් සැරසෙන්න. ( අපි සීතල වික්ටෝරියන් සංස්කෘතිය අපේ සංස්කෘතිය ලෙස ආරක්ශා කරාට අපේ මුතුන් මිත්තන් සමකාසන්න රටකට ගැලපෙන සේ ඇදුම් ඇන්ද නුවණැති පරපුරක් . )
  • තෙත් කල තුවායකින් බෙල්ල වටේ උරහිස් මතින් පපු ප්‍රදේශය වන තෙක් ආවරණය කරගෙන පැය බාගයක් පමණ නිසොල්මනේ හිදින්න. මෙය අනිවාර්යයෙන් අත් හදාබැලිය යුතු සාර්ථක උපක්‍රමයකි
  • වැඩිහිටි අධීක්ෂණය යටතේ දරුවන්ට ජලය පිරවූ පූල් හෝ බදුන් තුල කාලය ගත කරන්න අවස්ථාව ලබා දෙන්න
  • එලිමහනේ අව්වට නිරාවරණය වෙමින් ගැවසීම හැකිතාක් අවම කරන්න .
  • ඉතා සැහැල්ලු ආහාර ලබා ගන්න .
  • ඇල්කොහොල් වලින් ශරීරය උශ්නත්වය ඉහල යයි ඉන් වලකින්න
  • කුඩ ,තොප්පි, අවු කන්නාඩි, සන් ක්‍රීම් භාවිත කරන්න
  • ශරීරය වෙහෙස කරවන ක්‍රියාකාරකම් අවම කරන්න .
  • නිවැස් තුල ජනෙල් සියල්ල විවෘත කර වායු සංසරණයට ඉඩ සලසන්න
Write a Reply...