onmaxdt කියලා කරපු වියාපාරයේ කට්ටියකගේ bank account freeze කරලා,..
මේ දවස් වල ට්කක් hot news. එකක්..
කොහොම හරි .
මොනවද මේ MLM, pyramid, ponzi schemes කියන්නේ..
මේ දේවල් පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්..
වැරැද්දක් තියේ නම් කියන්න..
• MLM
Multi Levels Marketing
මේක ලෝකේ ගොඩක් තියෙන, marking ක්‍රමයක්.. මේකත් පිරමීඩාකාරයි... හැබැයි අවුලක් නෑ..
මේක වෙන්නෙ මෙහෙමයි.....
හිතමු මම ලන්තෑරුම් business එකක් පටන් ගන්නවා.. ටිකක් කල් යද්දී හොදට business නැගල යනවා..
ඊට පස්සේ මං තව ටික දෙනෙක් බදව ගන්නවා, එයාලට ලන්තෑරුම් දෙනවා විකුනන්න.... එයාල හොදට business කරනව.. ඉන්දියාවේ office එකක් දාල එහෙත් කට්ටිය දම්මල ලන්ත්රුම් විකිනනවා..
මගේ යට ඉන්න අය විකුණලා commission එකක් ගන්නවා. ඊට අමතරව මට profit එකෙන් පඩි ගෙවන්න පුලුවන්..
දැන් මේකේ, production එක්ක තියෙනවා ලන්ත්රුම් කියලා, මේවා විකුනන්නලා ලාභ ලබන්න පුලුවන්..
කිසිම අවුලක් නෑ
කාට හරි ඕනා නම් stock market එකෙන් මගේ ලන්තැරුම් business එකෙ කොටස් ගන්නත් පුළුවන්..
« පිරමීඩ..
පිරමීඩ වලදී කලින් MLM වල කීවා වගේ production එකක් නෑ..
වෙළද පොළ වටිනා කමක් නෑ.
මේකෙදි පොඩි, company එකක් දා ගන්නවා
කියනවා.. Ru 1000ක් දාන්න 2000ක් කරලා දෙනවා හැබැයි තව දෙන්නෙක් බදවා ගන්න ඕනා කියලා
ඉතින් මේක වෙන දේ තේරුම් ගන්න පුලුවන් නේ
හැබැයි දැන් මෙහෙම කිවම ගොඩක් අය දන්නවා පිරමිඩ කියලා
ඒක හින්දා කට්ටිය බදවා ගන්න ඒක අනිවාරය නැති onmaxdt වගේ ඒවාට මිනිස්සු රැවටෙන්නේ..
• Ponzi scheme
onmaxdt ත් පොන්සි ස්කීම් එකක්.
මේකේදි ගොඩක් වෙලාවට adress කරන්නේ දුප්පත්, විරැකියාවා වැඩි, low skill, ඉකමනට gossip යවන්න පුලුවන් අරෙඅ වල
මුලින්ම පොඩ්ඩක් වියදම් කරන්නත් ඕන.
හොද hotels එකක ටික දෙනෙක්ට invite කරලා කන්න බොන්න දීලා කියනව.
ආයෝජනයක් තියෙනවා, දානවා වගේ 3 ගුණයක් දෙනවා කියලා
කට්ටිය බදව ගන්න අනිවාර්ය නෑ, බදවා ගත්තොත් profit වැඩි.
(Onmaxdt නම් කිවේ crypto වල ආයෝජනය කරනවා කියලා 🤣).
මෙතෙනට ආව ටික දෙනාගේනුත් ටික දෙනෙක් මේකේ ආයෝජනය කරනව, එයාලට 3 ගුණයක් අතින් දෙනවා.
මේ ටික දෙනා ගිහින් මං අර උඩ කීවා වගේ සමාජතලයක පට්ට marketing එකක් දෙනවා....
සල්ලි තුන් ගුණයක් උනා..
කවුරුත් බදවා ගන්න ඕනෙත් නෑ.
පිරමීඩ නෙමෙයි කියලා...
මෙහෙම ටිකක් දවස් යද්දී දුප්පත් කමෙන්, විරැකියාවෙන් පිඩිත වෙලා ඉන්න අය විතරක් නෙමෙයි තව ගොඩක් අය මේකට සල්ලි දානවා...
පස්සේ මෙහෙම දාන ගාන වැඩි වෙද්දී කලින් එකතු උන අයට profit ගෙවන ඒක එච්චර අමාරු නෑ..
හැබැයි...
මෙහෙම යද්දී
මේක handle කරන අයට තේරෙනව අලුත් කට්ටිය එන ඒක අඩු වෙනවා කියලා....
එක දවසෙන් බඩු මාරු...
මුලදී සල්ලි දාපු අයට අවුල් නැති වෙයි, හැබැයි එයාල ගේ කතා විස්වාස කරලා පස්සේ සල්ලි දාපු අයගේ සල්ලි තමයි හම්බෙලා තියෙන්නේ.. ඒක් කොච්චර සාධාරණ ද?..
මේ පිරමීඩ, නැත්නම් පොන්සි ස්කීම් වල සාමාන්‍ය MLM වගේ production එකක් නෑ, මුදල් උපයන්න විදියක් නෑ වෙළද පොළ වටීනා කම්ක්නැහැ...
පස්සේ එකතු වෙන අයගේ සල්ලි වලින් රෝල ගහල තමයි උඩ අයට දෙන්නේ...
Basically මෙහෙමයි MLM, පිරමීඩ, ponzi scheme වෙන්නෙ.
මේ මොකුත් දන්නේ නැතත් සල්ලි කියන දේ මවන්න බැ කියලවත් මිනිස්සු හිතන්න ඕන
ඉස්කෝලේ ගියේ නැතත් ඕක තේරුම් ගන්න බැරි එක තමයි ප්‍රශ්නේ.
අනික මේ ලෝකේ කිසි ආයෝජනයක් නෑ මෙහෙම profit දෙන, හැමදාම profit දෙන..
මේකේ තියෙන අනිත් දේ පිරසක් සල්ලි නැති කර ගන්න එක විතරක් නෙමෙයි,....
අවුල තියෙන්නේ මිනිස්සු රුපියල් වලින් පිදුවට මේ කට්ටිය රටෙන් ගෙනියන්නේ ඩොලර්.
අනික මිනිස්සු බැන්කු වල, කොටස් වෙළද පොල් ආයෝජනය නොකර මේ වගේ දේවල් කරද්දී කෙල වෙන්නේ රටටම..
මේ වගේ දේ කින් Bernard Madoff ඇමරිකාවේ economy එකට කරපු බලපෑම..
1997 මේ වගේ දෙකින් ඇල්බේනියාවේ civil war එකක් ඇති උන හැටි,
Zimbabwe economy එක වැටෙද්දී මේ වගේ පොන්සි සිකීම් තිබ්බ හැටි..
මේවගේ උදාහරණ ඕනා තරම් තියෙනවා
අනික කලු සල්ලි, drugs සල්ලි සුදු කරන්න මේව ගොඩක් use වෙනවා..
මහ බැංකුව කැඩුව හින්දා මේව සාදරන කරන පිරිසක් ඉන්නව...
එකක්, මහ බැන්කුව කැඩුව කියලා හැම හොරකමම සාදාරන කරන්න බැ..
අනික මහ බැංකුව කැඩුව කීවට උනේ භාණ්ඩාගාර බිල් පත් වංචාවක්, එකේ government එකට හම්බෙන profit අඩු උන එකක් උනේ..
එකේදී මිනිස්සුන්ට direct impact උනේ අඩුවෙන්, ඒත් මේවට තියන සේසතම දාලා මේවා නතර උනාම මිනිස්සුන්ට ලොකු impact එකක් වෙනව.
කොහොම උනත් නිකන් සල්ලි මවන්න බැ.
අමාරු කාලේ extra income ඕනා නම්, තමන්ගේ skills හදාගෙන වැඩදායි දෙයක් කරලා හම්බ කරන්න..