ChatGPT එකෙන් unique, human style SEO Article ලියන්න බෑ හැම niche එකටම, හැම වෙලාවෙම, හැම topic එකටම.
හැබැයි පිරිසක් කියනවා prompt එක හරියට දුන්නොත් පුලුවන් කියලා...
prompt එක හරියට දෙන හොදම විදිහක් දවස් කිහිපයක ඉදන් test කරනවා..
මට තේරුන දෙයක් තමයි keyword, writing style, විතරක් දීලා අපිට හරි content එකක් ගන්න අමාරුයි ChatGPT එකෙන්. අනික කොහොම ගත්තත් 90% වඩා ලියන content වලට human touch එකක් අත්‍යවශ්‍යයි.
මටනන් හරියට prompt එකක් වැඩ කරෙ මෙහෙම දුන්නොත් විතරයි (මේක සමහර niche වලට වෙනස් වෙන්න පුලුවන්). අන්තිම වෙනකන් කියවන්න.
1 step: We do the research & groundwork manually for the keyword
ChatGPT එකට direct internet access නෑ. ඒ වගේම ඒකෙ learnings cut off කරල තියෙන්නෙ 2021 september වලින්. එ කියන්නෙ එයාට (ChatGPT) realtime SERP access එක නැ.
ඒ නිසා අපි දැනගන්න ඕන keyword එක google ගහල top 3 results අරගෙන ඒකෙ තියෙන information + forums/youtube/socialmedia information අරන් target audience, writing style, topic background එක සහ content skeleton/outline එක අපිම හදාගන්න.
හොදටම තියෙන්නෙ ඕන මේ ටික. විශේෂයෙන් outline එක. අපි outline එකත් chatGPT එකෙන් හදාගත්තොත් වෙන්නෙ ඒකෙ model එකකට outline එකක් හැදෙනව මිසක් SERP එකට ඕන විදියට outline එක හැදෙන එක නෙවෙ. ඒ නිසා හැමවෙලේම ground work එක අපි කරන්න ඕන, manually.
step 02: Assign a role to it and give a descriptive context
ඊට පස්සෙ අපිට පුලුවන් chatGPT එකට in detail (අතිශය සවිස්තරාත්මකව) prompt එකක් මගින් අර උඩ හොයල ගානට පිලිවලට හදාගත්තු information ටික දෙන්න. ඒ දෙද්දි එයාට role එකක් assign කරානන් තවත් හොඳයි (උදා: expert in .....) විස්තර දෙනගමන් එයාට ප්‍රශ්ණ තියෙනවනන් අහන්න කියලා කියනගමන් තේරුනාද කියලත් අහන්න ඕන. ඊට පස්සෙ දැන්ම ලියන්න එපා, info ටික සේරම දීලා outline එක දෙනකන් ඉන්න, කියලත් කියන්න ඕන.
Step 03: give the outline and ask if it is ready.
අන්තිමට outline එක දෙන්න ඕන. Outline එකෙ කලින් කිව්ව වගෙ title:, heading:, subheading: වෙන වෙනම අංක දාලා පිලිවෙලට තියෙන්න ඕන. ඊට පස්සෙ එක එක heading/subheading වලට ඇතුලත් වෙන්න ඕන දේවල් පිලිවෙලට තියෙන්න ඕන.. bullet points එන්න ඕන තැන් එහෙම දාලා කොහොමහරි සේරම පිලිවෙලට තියෙන්න ඕන. හැමදේම තේරුනාද, මොනවහරි clarify කරගන්න තියෙනවද කියලත් අහන්න 😃
Step 04: Tell the AI to strictly follow these rules.
ලියන්න කලින් එයාට කියන්න ඕන outline එකට සහ provided information වලට strictly follow වෙන්න ඕන කියලා. සහ ඒ සේරම මතක තියාගන්න ඕන කියලා article එක පුරාම. සහ flow එක කැඩෙන්න බෑ කියලා. ඊට පස්සෙ කියන්න ඕන මම මේක ලියවන්නෙ part by part ඒ නිසා දැන්ම ලියන්න ගන්නෙපා කියලා. හැමදේම තේරුනාද, මොනවහරි clarify කරගන්න තියෙනවද කියලත් අහන්න.
Step 05: Write by parts
දැන් අර outline එකෙන් section by section ලියවන්න. Prompt එක දෙද්දි හැමවෙලේම කියන්න අර දීපු දේවල් ඇතුලෙ article එක ලියවෙන්න ඕන කියලා.
Step 06: Give a touch to the article, break paragraphs, remove repetitive, robotic sentences, add emotions.
Step 07: Check plagiarism
Step 08: Proceed to publish
Step 09: Save the previous ground work and make a template for future posts
දැන් අර හදාගත්තු info ටික template එකකට හරවගෙන එකදිගට, ඉක්මනින්, article ලියවගන්න විදිහට template එකක් හදාගන්න..
Rinse and repeat!
Note: AI generated content අලුත් දෙයක් නෙවෙ. හැබැයි Jasper AI එක වගේ නෙවෙ, ChatGPT එකෙ අලුත් model එකයි, conversational AI එකයි නිසා වැඩෙ quality එකට කරගන්න පුලුවන්. ChatGPT Plus plan එකකට යන්න පුලුන්නම් 👌.