මේ තියෙන්නෙ දියබත්. දියබත් හදන්නෙ හීල් බත් වලින්. හීල් බත් කියන්නෙ කලින් දවසෙ රෑට ඉතුරු උන බත්. ඒකට වතුර දාලා රැයක් තියලා උදේට අරන් ඒකෙන් තමා දියබත් හදන්නෙ.
ඉස්සර නන් ගෙවල් වල මැටි මුට්ටියෙනෙ ඊවෙ. දැන් රයිස් කුකර් වලනෙ. ඒක අවුලක් නෑ.
හදන්නෙ දියබත් ටික මිරිකගන්නවා සමහරු වතුර ටිකත් එක්කම ගන්නවා. ඒක ගුණයි.
පොල් කිරි දියකිරෙන් මිටක් විතර මිරිකා ගෙන
රතුළූණු ගෙඩි හතරක්
පුච්චපු රතු මිරිස් කරල් දෙකක්
දෙහි ඉස්ම ටිකක්
දියබත් හදා ගැනීම ඒතරම් අමාරු නෑ.
දැන් පොල් කිරි දියකිරෙන් මිටක් විතර මිරිකා ගෙන මේ බත්වලට දාන්ට. රතුළූණු ගෙඩි හතරක්, පුච්චපු වේලුණු මිරිස් කරල් දෙකක් හීනියට කපා දාලා දෙහි ඉස්ම ටිකක් යහමින් එකතුකරගන්ට.
දියබත් කෑවම මොකද වෙන්නෙ කියලා අහන අයට, සංතෘප්ත මේදය අඩු වීම නිසා හදවත් රෝග වලට ඇති අවදානම අඩුයි. දෙහි, රතුළූණු වල තිබෙන ප්රතිඔක්සිකාර සිරුරට ගුණයි. විජලනය, මල බද්ධයට සහනයක් ලැබෙනවා. ඇස් දැවිල්ල, යටි පතුල් පැලීම වලක්වනවා. මුඛයේ වනවීම්, තුවාල,උෂ්ණ බිබිලිවලට ගුණයි. ඇඟ සිසිල් කරනවා. ආහාර දිරවීම හා අවශෝෂණය වැඩි කරනවා.
ගෑස්ට්රයිටීස් කොහෙන් ගියාද නෑ සතියක් උදේට කෑවොත්.