ගොඩාක් අය කියනවා, Excel වලින් සහ form fill කරලා සල්ලි හොයන්න පුළුවන් කියලා. ඇත්තටම මේක කරන්නේ කොහොමද? විශ්වාසවන්ත වෙබ් අඩවි තියෙනවා නම් ඒ මොනවාද? ලංකාවේ කවුරුහරි කෙනෙක් ඉන්නවාද එහෙම වැඩ කරවගන්න?

8 months later

කරන්න පුලුවන් Freelancer Data Entry Operator කෙනෙක් විදිහට Freelancing වෙබ් අඩවි හරහා. නමුත් Data Entry කරනවට වඩා හොඳ ක්‍රම දැන් තියෙනවා. හොඳ උච්චාරණයක් ඇතිව ඉංග්‍රීසි කතාකරන්න පුලුවන්නම් හඩකැවීම්, භාශා දෙකක් හෝ කිහිපයක් දන්නවනම් භාශා පරිවර්තකයෙක් විදිහට, වීඩියෝ සඳහා Subtitles හදන්න, තිමාණ සජීවීකරණය වෙබ් අඩවි සෑදීම වෙලඳ දැන්වීම් සඳහා පෝස්ටර් වගේ දේවල් Design කරන එක, සංගීත වාදනය පුලුවන්නම් කුඩා කුඩා Tracks හදලා විකිනීම, ඔය වගේ එකී නොකී ඕනෑම හැකියාවක් විකුණලා Internet එකෙන් සල්ලි හොයන්න පුලුවන්. Internet එකෙන් කිව්වට ඉතිං ගනුදෙනුව වෙන්නෙ Internet එක හරහා විතරයි අනිත් දේවල් ඔයාගෙ දක්ශතා මත තමයි. ඉතිං ඔය වගේ වැඩ Internet එක හරහා කරනවට කියන්නෙ Freelancing කියලා තමා.

ඉතිං මෙතනදි ඔයා කල්පනා කරන්න ඕනෙ කරන්නෙ කොහොමද මොන වෙබ් සයිට් එකේද කියන එකට වඩා ඔයාට මොනවද තියෙන Skill එක කියලා.

ඔයා Skill එකක් Develop කරගත්තට පස්සෙ

freelancer.com
fiverr.com
upwork.com

වගේ Freelancing වෙබ් අඩවි වල වටයක් දාල එන්න. ඕනෙනම් ඉස්සෙල්ල වටයක් දාලා ඇවිල්ලා තීරනය කරන්න මොන වගේ Skill එකක් හදාගන්නවද කියලා. Good Luck

Write a Reply...