රාත්‍රී නින්දට පෙර ඔබ මෙම අභ්‍යාසයේ නිරත වන්න.
- පළමුව පහසු ලෙස ඔබ නිදන ඇඳෙහිම හෝ වාඩි වෙන්න.
*ඉන්පසු දෑස් පියාගන්න.
*දැන් ගැඹුරු හුස්මක් ගන්න.හෙමීට පිට කරන්න.මේ ලෙස තුන් පාරක් විතර කරන්න.
*පසුව හුස්ම ඉබේම ඉහළ පහළ යන ආකාරය සිතින් සිතන්න.මෙලෙසද තුන් පාරක් පමණ කරන්න.
*පසුව මාගේ මුළු ශරීරයම ලිහිල් වනවා.
හිසේ සිට මුහුණ,බෙල්ල,අත් දෙක,ඇග,කකුල්,යටිපතුල් දක්වා ලිහිල්වන බව සිතන්න.
පසුව,
*මාගේ මුළු ශරීරයම ලිහිල් වනවා.
*මාගේ මුළු ශරීරයම ලිහිල් වනවා.
*මාගේ මුළු ශරීරයම ලිහිල් වනවා.
මෙලෙස සිතන්න.
ඔබට ශරීරයේ විශාල සැහැල්ලු බවක් දැනෙනු ඇත.
(අවට වටපිටාවේ බාහිර ශබ්ද නැති නිදහස් පරිසරයක නිදහස් වේලාවක මෙය සිදු කරන්න.)
මෙම මුදල් ආකර්ෂණ අභ්‍යාසය සිදු කිරීම සඳහා දැන් ඔබේ මුළු ශරීරයම සූදානම්.
දැන් රුපියල් 5000 මුදල් නෝට්ටුවක ඡායාරූපයක් අරගන්න.එහි දෙපසම පෙනෙන එකක් විය යුතුයි.ඉන්පසු හොඳින් එය නිරීක්ෂණය කරන්න.පසුව දෑස් වසාගෙන එම නෝට්ටුව හොඳින් මතක් කරන්න.
*එහි පැහැය.
*එහි ඇති රූප.
*5000 ලියා තිබෙන ආකාරය.
හොඳින් මතක් කරන්න.
දැන් දෑස් විවර කර නැවතත් හොඳින් නිරීක්ෂණය කරන්න මේ නෝට්ටුව,ආයෙත් පෙර පරිදිම දෑස් වසා එය හිතින් මවන්න.
මේ ආකාරයට තුන් පාරක් නැවත නැවත කරන්න.
ඊළඟට 5000 කොළ ගොඩක් තිබෙන ඡායාරූපයක් අරගන්න.දැන් 5000 කොළ ගොඩ හොඳින් බලන්න.
නැවතත් දෑස් වසාගෙන ඔබේ සිතට,ඔබේ අධ්‍යාත්මයට,ඔබේ මනසට ප්‍රබලම දැනෙන සේ ඒ මුදල් ඔබට ලැබී ඇති බව දැනෙන්නට හරින්න.
*ඒ මුදල් ඔබට ලැබී ඔබ සතුටුවන විදිහ හිතින් මවන්න.
*ඔබට 5000 මුදල් ගලාගෙන එන බව මෙනෙහි කරන්න.
*ඒ මුදල් වලින් අසරණ අයට පිහිටවන හැටි,ඔබ වෙනුවෙන් ඵලදායීව යොදවන හැටි හිතින් මවන්න.
ඔබවෙත මුළු විශ්වයේම ආශිර්වාදය ලැබී මුදල් ගලාගෙන එන හැටි සිතට දැනෙන තෙක් මෙම අභ්‍යාසය කරන්න.
සුමනදාස සමරසිංහ තුමාගේ දෙශනයක් ඇසුරෙන් උපුටා ගන්නා ලදි.