🛑 වෙලාව අරං අනිවාර්යෙන්ම කියවන්න 🛑
බලලා Delete කරන්න කියලා යවපු ඔයාගේ අතිශය පුද්ගලික Photos Leak කරනව කියල තර්ජනය කලොත්?
හිතන්නකෝ ඔයාගේ හිටපු Boyfriend, නැතිනම් දැනට තරහ වෙලා ඉන්න Boyfriend හෝ වෙනත් පිරිමි කෙනෙකු ඔයාගේ අතිශය පුද්ගලික photos Facebook වලට හෝ WhatsApp group වලට දානවා කියලා ඔයාට තර්ජනය කරනවා නම් හෝ ඔයාගෙන් අයුතු දෙයක් බලාපොරොත්තු වෙනවානම් සාපරාධි බියගැන්විම යන වෝදනාව( දණ්ඩනීති සංග්‍රහයේ | Penal Code 483) යටතේ පොලිසියට නීතිය කිුයාත්මක කළ හැකි බව ඔයා දන්නවද..
ඒ වගේ කවුරු හරි ඔයාව බය කළොත් හෝ ඒ phots ටික Upload කරනවා කියලා කවුරු හරි කිව්වොත් අපේ ගොඩක් ගෑනු ළමයි බය වෙන එක තමා සිද්ධ වෙන්නේ. ඒ වගේම ගොඩක් අය ඒ පුද්ගලයා කියන දේවල් වලට අවනත වෙන්න හදනවා..එහෙමත් නැත්නම් වහ ටිකක් බීල | කාලා හරි, එල්ලිලා හරි මැරෙන්න හදනවා..ඇයි මේ කොහෙවත් ඉන්න එකෙක් නිසා තමන්ගෙ වටිනා ජීවිතය නැති කරගන්නේ.ඔයාල ඔයාලගේ හානියක් කර ගන්නේ නැතිව අපි එයාව හිරේ යවන වැඩක් කරමු.
එහෙම කරනවනම් හැබැයි පොලිසියට යන්න ඕනි..පොලිසියට නිකං අත් දෙක වන වනා නම් යන්න එපා. ඔයා පොලිසියට යනවා නම් ඒ පුද්ගලයා ඔයාට තර්ජනය කරන message වල screenshot හරි, තර්ජනය කරන කෝල් එක voice recording එකක් හරි අරගෙන යන්න.මොකද අද ගොඩාක් ය පාවිච්චි කරන්නේ smart phone එකක්නේ එක නිසා ඒ වැඩේ මාරම ලේසියි. පොලිසියට යනවනම් හැබැයි වැඩිහිටියෙක් එක්ක යනවනම් තමයි ගොඩක්ම හොඳ. ගෙදර වැඩිහිටියෙක් එක්ක යන්න බෑ වගේ නම් වගේ යාළුවෙක් එක්ක හරි තනියට එක්කන් යන්න.කෝකටත් ඔයාගේ ආරක්ෂාව හොඳයිනේ..
හිතන්නකෝ ගමේ පොලිසිය හරියට වැඩේ කරන්නේ නෑ කියලා එහෙනම් ඉතිං කොළඹ ගෑන්ඩ්පාස් තියෙන ළමා හා කාන්තා කාර්යාංශය වෙත යන්න. 011244444 වැඩිදුර නීති උපදෙස් අවශ්‍ය නම් ළගම උසාවිය තුළ තිබෙන නීති ආධාර කොමිෂන් සහාවට ගිහින් නොමිලේ නීති උපදෙස් ලබා ගත හැකියි.( ප්‍රධාන කාර්යාලය - 0112433618) සතියේ දවස්වල කාන්තා කටයුතු අමාත්‍යාංශයේ hotline එක 1938 කතා කරලා ගෙදර ඉදන්ම උපදෙස් ලබා ගන්න පුලුවන්.
කොළඹ ගෑන්ඩ්පාස් එක නැත්නම් මිරිහාන අපරාධ විමර්ෂණ ඒකකය එකත් මාරම හොඳයි. ඔයාලාගේ සාක්ෂි විමසන්න එන්නේ ගොඩාක් වෙලාවට කාන්තා පොලිස් අයමයි.
හොඳම දේ කොළඹ ගෑන්ඩ්පාස් යන්න කලින් call එකක් දීලා උපදෙස් අරගෙන, එයාලා කියන හැම document එකක්ම අරගෙන යනවනම් ඔයාගේ පැත්තට තමා වාසි..ඔයාට ඒ පිරිමි පුද්ගලයා වෙනුවෙන් නඩුවක් දාන්න ඕනි කියලා හිතන්නකෝ..සමහර අවස්ථාවන් වලදී ඔයාට උසාවියට යන්න අවශ්‍ය නැහැ.ඔයාගේ voice recording එකක්, ලිඛිත ලියවිල්ලක් හොඳටම ඇති ඒ පුද්ගලයාට විරුද්ධව උසාවියේ නඩුවක් උනත් දාන්න. අන්න ඒක නිසා තමන්ගේ වටිනා ජිවිතේ නාස්ති කර ගන්නේ නැතුව හරිම දේ කරමු..
Copied