මේ දවස් ටිකේම group වල කට්ටිය තමන්ගේ trade liquidate කරන් අඩනවා දැක්කා. එයාලගේ මට නෝට් උන පොදු වැරදි ටිකක් තියනවා.
- Stop loss නොදැමීම
ට්‍රේඩ් එකක අපි stop loss පාවිච්චි කරන්නේ බැරි වෙලාවත් ට්‍රේඩ් එක අපි නොහිතන පැත්තට ගියොත් ආරක්ශාවක් විදිහට. ඒක නිසා stop loss අනිවාරෙන්ම පාවිච්චි කරන්න.
- Confirmation නැතුව trade වලට enter වෙන එක.
මෙක ගොඩක් අය කරන වැරැද්දක්. අපි පාවිච්චි කරන මෙතඩ් එක මොකක් නමුත් අපිට ඒකෙදි confirmation ඕනි. ඒක නිසා smc වලදි නම් supply and demand ලෙවල් වගේම TA වලදි pattern analysis, divergence වගේ දේවල් බලන එක වැදගත්.
- Wallet එකේ තියන මුදල් ප්‍රමාණයෙන් තමන්ට දරන්න බැරි ගාණක් ට්‍රේඩ් එකට දාන එක.
මේක ගොඩක් අය කරන වැරැද්දක්. සාමාන්‍යයෙන් ඔයාගෙ wallet එකෙන් 1% - 5% අතර ගාණක් ට්‍රේඩ් එකට දාන්න. ඒක ඔයාගේ risk එක manage කරගන්න පහසුවක් වේවි.
- trading physiology එකේ අවුල්.
ඒ කියන්නේ ට්‍රේඩ් කරද්දි පොසිටිව් මයින්ඩ් සෙට් එකක් තියාගන්න එක වැදගත්. එතකොට ලොස් උනත් අපිට ඒක කවර් කරගන්න ලේසි.
- ප්‍රමාණය ඉක්මවා trade දාන එක.
මේක ගොඩක් අය කරන වැරැද්දක්. දවසකට දාන ට්‍රේඩ් ගානක් තියාගන්න. ඕනිවට වඩා greedy වෙන්න එපා.
Trading කියන්නේ ගොඩ යන්න පුලුවන් හොදම විදිහක්. ඒත් ඔයාට දවසින් පෝසතෙක් වෙන්න බෑ. ඒකට කාලයක් යනවා. එතකල් ඔයා හිමීට ඉගෙන ගන්න එකයි වෙන්න ඕනි. එතකොට දවසක නිකන්ම ඔයා legendary trader කෙනෙක් වෙයි❤️
Credit goes to 📝